Blogger Tricks

Thursday, June 16, 2011

පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ..

ඊයේ පොසොන් නිසා දඩබ්බරිත් ගියා තෝරන් බලන්න
....හප්පේ...
එළිය බැස්ස විතරයි චුරු චුරු ගාලා කොහවත් නැති වැස්සක් කඩා පාත් උනා..ඒක ධාරානිපාත වැස්සක් වෙන්න ඒ හැටි වෙලාවක් ගියේ නැහැ.මැණික්පුරේ කස්ටිය නම් ඒ බව හොදාකාරවම දන්නවනේ..පාර දෙපැත්තේ දන්සැල් පුරාම..

සුප් කියයි,ඔසු පැන් කියයි,තේ කහට කියයි,අයිස් ක්‍රිම් කියයි... තව තව නෙක නෙක ජාති..
ඒත් කොහේ කියල යන්නද?වැස්ස මදිවට හෙන ගහනවා හිටු කියල..ගහගෙන යන සයිස් එකේ සුළං පාරත්..ඉතින් ඒවාට කෙළ ගිල ගිල ගියා කියමුකෝ..

ඒ මදිවට වාහන තදබදය.වෙසක් එකටවත් මෙච්චර තදබදයක් තිබුනේ නැහැ..

මැණික්පුරේ පොඩි විශේෂයක් තියෙනවා.ඒ තමයි වෙසක් එකට තෝරන් කිසි දෙයක් නැහැ..පහන් කූඩු නම් තියෙනවා..ඒ මොකද වෙසක් මාසේ ඒ කියන්නේ මැයි මාසේ මැණික්පුරේට උතුරන්න වැස්ස.ඒකෙ ප්‍රතිපලය තමයි ගංවතුර.මේ නිසා වෙසක් එකට මැණික්පුරේ තෝරන් නැහැ.දන්නවනේ ගංවතුරට යට වෙන්න ගියාම....
ඒකටත් එක්ක පොසොන් එකට තෝරන් තියෙනවා!

වැස්ස එහෙම පායලා සුජානම් වෙනකොට අනේ අර දන්සැල් ඉවරයි! දුකේ බැහැ..එකත් කමක් නැහැ කියල දඩබ්බරි ගියා තොරණ බලන්න.. පාට පාට බල්බ් දාලා දිලිසි දිලිසි මේ තියෙන්නේ පොසොන් මහා තෝරන් රාජයා....

ගනන් ගන්න එපා.ෆොටෝ ඒකෙ කොලිටිය නම් හරි නැහැ.දඩබ්බරිගේ දුප්පත් ෆෝන් කටුවෙන් තමයි බොහොම අමාරුවෙන් ගත්තේ...මේ තොරණට පදනම් වෙලා තිබ්බේ "සංකප්ප ජාතකය"ලු.දඩබ්බරිට මේ ජාතකේ ගැන එච්චර සෙන්ටර් නැහැ..හරි තෝරන් බලන්න ගිය කතාව ඉවරයි..

ඒක නෙමෙයි කාරණේ .... දඩබ්බරිලගේ ගෙවල් ගාවත් ලස්සන තොරණක් තිබ්බා..ඒක හරිම පොඩි තොරණක්.හැබැයි දඩබ්බරිට අර ඉහත කී තොරණට වඩා මේ පොඩි තොරණ ගොඩක් ලස්සනයි..මේක පොඩිම පොඩි හිටියෙක්ගේ නිර්මාණයක්..!

බලන්නකෝ මේක කොච්චර ලස්සනද කියලා..මේකේ අයිතිකාරයා තවම 1 වසරේ ඉගෙන ගන්න පොඩ්ඩෙක්...හරිම හුරතල් ෂෝක් කොලු පැටියෙක්!
පොඩි උනාට කොහොමද වැඩ.???
ඒකනේ කියන්නේ ගම්මිරිස් ඇටේ චුටි උනාට සැරයි කියලා.....
පොඩ්ඩට ලස්සනට චිත්‍ර අදින්න පුළුවන් කියල මේ ච්ත්‍ර දැක්කම ඔයාලටත් හිතෙනවා නේද? කියන්න බැරි උනා එයාගේ තොරණේ පහළින්ම තියෙන දේවානම් පිය තිස්ස රජ්ජුරුවෝ මිහිදු හාමුදුරුවන්ට වන්දනා කරන චිත්‍රය විතරක් පොඩ්ඩාගේ නෙමෙයි..හැබැයි අනිත් ඔක්කොම එයා තමයි ඇදලා තියෙන්නේ..
..හරිම අහිංසක නිර්මාණයක් කියල දඩබ්බරිට හිතුනා... පොඩ්ඩත් ගොඩක් කැමති එයාගේ ගේ ගාවින් යන හැමෝටම එයාගේ තොරණ පෙන්නන්න...පොරට හෙන සතුටුයි කස්ටිය වට වෙලා තමන්ගේ තොරණ බලනවට..එයාගේ තාත්ත පොඩි බල්බ් වැලකුත් ඇදල දීලා... ෆොටෝ ඒක දවල් ගිහින් ගත්තේ පොඩ්ඩකගේ චිත්‍ර හැකියාව හැමෝටම පෙන්නන්න ඕනි නිසයි..

පොඩ්ඩට තමන්ගේ හැකියාව දියුණු කර ගන්න ලැබෙන්න කියල කට්ටිය පොඩි comment එකක් දාමු නේද?

8 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. පුංචි වුණත් ඒ උත්සහයේ තියනවා අමුතුම රැඩිකල් ගතියක්..ඇයි පොඩි එකා තොරණ් බලලා විතරක් සෑහීමකට පත්නොවී එකක් හදන්නම ඕන කියලා මහන්සි වෙලා උගේ තරමට එකක් හැදුවේ..ඒක තමයි ඒකගේ රැඩිකල් ගතිය..ඌ වතුරත් එක්ක පහලට ගහගෙන යන්නේ නැතුව වතුර පීරගෙන උඩට පීනන එකෙක්..කවදහරි හොද අනාගතයක් තියේවි ඒකට

    ReplyDelete
  3. Ane mata thorane light dammata passe yanna une na ne... :(
    poson dawasata kaln dawase ra nam thorana gawa kauruwath hityeth na, light dala thibuneth na :( eth mama vehicl 1kn thorana wate raum 2/3k kerakila awa... ;) podda gana cmnt 1 idiriyata balaporoththu wanna.......

    ReplyDelete
  4. ගොඩක් දක්ෂයෙක්..
    හොද අනාගතයක් තියෙනවා..
    ජය වේවා..

    ReplyDelete
  5. ශා මාර ලස්සනයි නේ.. නියම අනාගතයක් තියෙනවා රට ගියොත් නම්..

    ReplyDelete
  6. බොහොම ස්තුතියි කොමෙන්ට් කරපු හැමෝටම.....

    මොකද රවින් රට ගියොත් අනාගතයක් තියේවි කිව්වේ??

    ReplyDelete
  7. මෙහෙ ඉඳං රස්සාවක් විදියට චිත්‍ර අඳින අයට එදා වේල හොයා ගන්න පුළුවන් වෙයිද දඩබ්බරී??? දරුවා මේක විනෝදාංශයක් විදියට කරොත් නම් හරි.. අපේ රටේ තියෙන තරඟත් එක්ක පොඩි එවුන්ගේ නිර්මාණ හැකියාව මොට කරන එක තමයි වෙන්නේ...

    ReplyDelete
  8. ඒ කතාව නම් සහතික ඇත්ත රවීන්..තරගෙට දුවනවා මිසක් දුවන්නේ මොකටද කියලත් සමහරු දන්නෑ..

    ReplyDelete