නිසල පවනේ
රැඳී ඉන්නයි
සසල සුළගේ
හමා යන්නයි,
විහඟ කැල
හඬ නගන
තුරු හිස
සිතින් සිඹ සිඹ
හමා යන්නයි
මගේ හදවත නිතර පැතුවේ..
වැවක් වෙලා
වට වෙන්නට
සිතක් නැත්තේ,
දිග ගඟක් වෙලා
මහ දුරක් යන්නයි
මගේ හදවත නිතර පැතුවේ..
අරමුණක් නැති
පාලු පාරක
ඇවිදගෙන ගොස්
අතරමං වෙන,
වෙනත් මං වල
ඔහේ තනිවෙන
නාදුනන්නීම වෙන්නයි
මගේ හදවත නිතර පැතුවේ..
දුරස් වී දුක්
කඳුළු හෙලනට
එක හිතක් ළඟ
නැවතී ඉන්නට,
සිතේ මහ දුක්
ගොඩක් හැංගෙන
කරන කියනා
දෙයට වග වෙන
ලොවක් දන්නා
කෙනෙක් වෙන්නට
සිතක් තිබුනෙම නෑනේ මේ මට..