Blogger Tricks

Tuesday, December 11, 2012

**අසිරිමත් පෙම් කව**







සදෙස් කවියක
නොමැති අරුමය..,

පිරිත් පදයක
නොමැති සැනසුම..,

ගැයූ සෙත් ගීයක
නොමැති සෙත් බල..,

ලියු කවි වල
නොපෑ කවිකම්..,

නුඹේ පෙම් කව
අසල දැනුණා......

Friday, December 7, 2012

ලද බොළඳ නෑ සෙනෙහස මෙදා..



සිනහ බෝ දුර
ගියා හෙමිහිට
දෑස් අග තනි
කදුළු රන්දා....

එදා ලෙසටම
එන්නෙ නෑ නුඹ
සත්තකයි ඉරහඳ පවා....

හුරුවෙලා අද
තනිනමට සිත,
ලද බොළඳ නෑ
සෙනෙහස මෙදා....

සෙනෙහසේ මිමි
දැනුණු දා සිට,
දුර ගියා නුඹ
මතකෙන් මෙදා....

Friday, June 8, 2012

අහු වෙන්න එපා....!


දඩබ්බරි මීට සති තුනකට විතර ගාල්ලේ පැත්තේ යාලුවෙක්ගෙ ගෙදර ගියා. මේ කියන්න යන සිද්දිය උනේ ඒ ගිහින් එන ගමන්. මාපලාන හරියේදී බස් එකට අවරුදු 18ක විතර මල්ලි කෙනෙක් නැගලා හෝ ගාල කොළ වගයක් බෙදාගෙන බෙදාගෙන ගියා. දඩබ්බරිටත් කොලයක් හම්බුනා.. ඒකෙ ලියල තිබුනේ එයාගේ අම්ම කුලී වැඩ කරනවා ඒ පඩියෙන් ඉස්කෝලේ යන මල්ලිලා දෙන්නටයි එයාටයි  ජිවත් වෙන්න මදි නිසා මේ විදියට බස් වලට නැගලා 3G Card  විකුනනවා කියලා.. 3G Card එකක උවමනාවක් නැති නිසාවෙන් දඩබ්බරි යාළුවෙකුයි Rs 10ක් දුන්නා..

            හොදම සීන් එක උනේ ඊට පස්සේ. කරාපිටිය Medical facultyයට මෙහායින්  ඉස්සෙල්ල නැගපු මල්ලිගේ වයසේ තව කොල්ලෙක් නැගල කොළ වගයක් බෙදනවා.. දඩබ්බරිට කොලයක් හම්බ උනේ නැහැ. මොකද එක යාලුවෙක් මී හරකෙක් වගේ දඩබ්බරිගේ උකුලේ  සැතපීගෙන ආපු නිසා.. දඩබ්බරි ලග හිටපු ඇන්ටිට නම් කොලයක් හම්බ උනා.. පොඩ්ඩක් ඇහැ දාල බලනකොට මෙන්න බොලේ අර කලින් දීපු කොලේමයි.. ඇස් හොර කරනවද මන්ද හිතලා ආයේ හොදට බලනකොට එක අකුරක වෙනසක් නෑ ඒ කොලේම තමයි.. 



කොහොමද මෙහෙම උනේ??  එවෙලෙම ටක් ගාල කොලේ  ෆොටෝ එකක් ගත්තා.. ඒ විතරක් මදැයි කොලේ ආපහු එකතු කර ගන්න ඒ කොල්ල ලගට ආවම එයාගේ ෆොටෝ එකකුත් ගන්න දඩබ්බරි අමතක කලේ නෑ ඕං... හිකිස්‌..

(මොනවා උනත් ඉතින් අනන්‍යතාවය එලි දක්වන එක හොද නෑනේ)


දන්නවද ඒ 3G Card  වල තිබුනේ “මේ නිවසට බුදු සරණයි” ,“මේ වාහනයට බුදු සරණයි” කියල ලියපු දෙවිවරු පිරි වරාගෙන ඉන්න  බුදු හාමුදුරුවන්ගේ පින්තුරයක්.
බුදු හාමුදුරුවන්ගේ පින්තුර විකුණ විකුණ මෙහෙමත් බොරු කරනවනේ මේ මිනිස්සු....
මෙහෙම දේවල් වෙනකොට ඇත්තටම කල කිරෙනවා..

Monday, April 9, 2012

වැහි දවසක

කාලෙකට පස්සේ තමයි මේ පැත්තේ ගොඩ උනේ..
ඉතින් කොහොමද යාලුවනේ? විභාගත් එක්ක වැඩ වැඩි නිසා විවේකයක් ඇත්තෙම නෑ වගේ.... මේ දවස් වල ඉතින් හැම පැත්තටම වගේ වැස්සනේ.. අකුණු කොටනවා හරි හරියට... බක් මහා අකුණුලුනේ මේවා...
ඉතින් වැස්ස දිහා නිවී සැනසිල්ලේ බලාගෙන ඉන්නකොට තමයි මේ පද හිතට ආවේ.. හොද නරක නම් කොහොමද මන්ද....




" වලාකුළු නුබ පුරා
පෙන කැටිති පරදනා
ගෙන යාවි දස අතා
සිතන්නට බැරි ලෙසා...

සීත වැහි බින්දු වැටී
මුළු ගතම හිරි පිපී
සීත මද නල වැදී...

සෙලවෙනා ඇති ඉතී
සර සරින් හඬ දිදී
ගී රාව සැලි සැලී
කවි වැලුත් පබැදුණි... "

Saturday, February 11, 2012

මගේ යෙහෙළිය

"සලා සිහි පොද
පෙරා සඳ කිරණ
දොවා එක මිට
සොයුරු සෙනෙහස
පිදූ මගෙ මිතුර....

විලස තරුකැට
නැතත් පුන්සඳ
මගේ ළඟ හිඳ
පිපුණු අරුමය....

සසර අවසන
ආව ගිය අය
නැතත් තනියට
නුඹම ඇති මට..."


මේ නිසදැස ලියවෙන්නේ මගේ හොඳම හොඳම යාළුවා වෙනුවෙන්...! ඕලෙවල් පන්තියෙන් ඉදන් අදටත් මං ළඟ ඉන්න, මගේ දුක සැප හොයල බලන මගේ හොඳම යෙහෙළිය වෙනුවෙන්.

Monday, February 6, 2012

මගෙ නොවූ (අ)සම්මතය






හැරුණු තන පට
මුදා හල නුඹ,
කෝල නෙත් යුග
නිවා දැමුවා,

නුඹේ සියොළඟ
සුසුම් දවටා,
නුඹේ සුසුමෙන් 
හුස්ම ගත්තා..

බිදී කෝලව
නුඹේ සතුටත්
මගේ සතුටත්
ළයෙන් තෙත් වී ගලා හැලුණා...

සැනසුනේ නුඹ
සැනසුනේ මම
අසා සඳකැන් හඬා වැටුණා...

Friday, January 6, 2012

පෙමක් නොවූ සෙනෙහසක්...


පදින් පද ගිලිහෙන
අකුරු කවි අමුණන
කවක රස නිමවෙන
කවක් නොව කවියක් වුන.....

රසින් රස මිය යන
සිතින් සිත ලං වුන
ලොවෙන් ගැරහුම් ලද
පෙමක් නොව සෙනෙහසක් ලියවුන....

නුඹෙන් සැනසුම් ලද
සිතින් නුඹ නොමියෙන
සඳක් ලෙස අහසට
නැගුන නුඹ සඳවතිය....

වරම් නැහැ ඉන්නට
ලොවක් ඇත දුර ඈත
අයිති නැති ලොවකට
හිමිකමක් කිම තවම....???