Blogger Tricks

Monday, April 9, 2012

වැහි දවසක

කාලෙකට පස්සේ තමයි මේ පැත්තේ ගොඩ උනේ..
ඉතින් කොහොමද යාලුවනේ? විභාගත් එක්ක වැඩ වැඩි නිසා විවේකයක් ඇත්තෙම නෑ වගේ.... මේ දවස් වල ඉතින් හැම පැත්තටම වගේ වැස්සනේ.. අකුණු කොටනවා හරි හරියට... බක් මහා අකුණුලුනේ මේවා...
ඉතින් වැස්ස දිහා නිවී සැනසිල්ලේ බලාගෙන ඉන්නකොට තමයි මේ පද හිතට ආවේ.. හොද නරක නම් කොහොමද මන්ද....




" වලාකුළු නුබ පුරා
පෙන කැටිති පරදනා
ගෙන යාවි දස අතා
සිතන්නට බැරි ලෙසා...

සීත වැහි බින්දු වැටී
මුළු ගතම හිරි පිපී
සීත මද නල වැදී...

සෙලවෙනා ඇති ඉතී
සර සරින් හඬ දිදී
ගී රාව සැලි සැලී
කවි වැලුත් පබැදුණි... "

5 comments:

  1. නරක නමි නෑ
    ඒත් මදි වගේ හිතුනා
    කමක්නෑ ඔන්න ඔහේ මේ ටික වත් බලලා හිත සන්තෝස කර ගන්න

    ReplyDelete
  2. ලස්සනයි.. ඒත් තව කවි පේලි දෙකක් විතර එකතු උනානම්...

    ReplyDelete
  3. ""Anduru wu mage sithai...
    walakulu nowei e...
    wahinnata langai dan,
    gam bimda yata karan...

    Wehi bindu nowe e...
    mage kandulu galanne,
    wida bara sithen helu,
    susum oya hamanne...

    Niwan dakna thura...
    ma piduu senehaya,
    oba sithata pa kala,
    Kawiyakwa pabandenna...""

    ReplyDelete
  4. බොහොම ස්තුතියි යාලුවනේ.....

    ReplyDelete