පිපෙනු නොහැකිව
වසත් කල ළඟ
සීත පිනි බිඳු
තුරුළු කරගෙන
පුංචි මල තව
මග බලා ඉන්නා...
චණ්ඩ රශ්මිය
දවා හළු කර
බියෙන් ඇළලී
ඒ පුංචි මල
තව බලා ඉන්නා...
තවම සුසිනිදු
දම් පැහැති පෙති
තනිව පිපෙනට
දිරිය නොමැතිව
මග බලා ඉන්නා...
මලට පෙම් බැදි
කුමර බඹරා
තාම ඉඳහිට
ලඟට ඇවිදින්
තවම නොපිපුණු
දම් පාට මල ළඟ
මග බලා ඉන්නා...