Blogger Tricks

Tuesday, May 31, 2011

පාට සිහිනය


දේදුන්නේ පාට හතම
මහ පොළොවේ රන්දාලා 
ඒ පාටින් මැව්ව ලෝකෙ
කොහෙදෝ නුඹ හංගාලා.....


ඒ පාටින් හීන හතක්
මැව්වේ මං නුඹ එක්කම
පාට පාට හීන ලොවක
අපි දෙන්නා තනි වීලා.....


මං විතරක් එක හීනෙක 
රන්දා නුඹ පා කරලා
හීන වලට ගොඩක් උඩින්
අත විතරක් වනලා මට සමු දුන්නා.....

5 comments:

  1. ආදරයෙන් තොර විරහවත්...විරහවෙන් තොර ආදරයත් පොදුයි සාමාන්‍යයි සංවේදීයි..ලස්සනයි දඩබ්බරී

    ReplyDelete
  2. හරිම අපූරු කවි පෙලක්..

    ReplyDelete
  3. @ දේව් බොහොම ස්තුතියි!

    @ Dinesh බොහොම ස්තුතියි..!

    @ rush thnkx loku ;)

    ReplyDelete
  4. පව්.. හැබැයි කවිය ලස්සනයි!!

    ReplyDelete