Blogger Tricks

Monday, June 6, 2011

- දුරක යන්න බැහැ කොහොමත් -


හිත නෑ මට
නුඹ ළගින්ම
නොඑන ලෙසට
දුරක යන්න...

වලකනු බැහැ
මේ දේවල්
ජිවිතයේ
හැටි එහෙමයි...

හීන පැතුම්
නුඹ ගැනමයි
ඈත් වෙන්නෙ
නැහැ කොහොමත්...

සඳ පානට
තරු එලියට
කවිපද වැල්
තනන නුඹට,
මගේ ප්‍රේමෙත්
කවියක් කර
සනසගන්න
රිදවුණු සිත..

7 comments:

  1. තවත් විරහවක්..හ්ම්ම්...මේක නම් මම ලිව්වේ මගේ හොදම යාලුවෙක් ලිව්ව කවියකට පිළිතුරු කවියක් විදියට බව කරුණාවෙන් සලකන්න..

    ReplyDelete
  2. දැන් තමයි බ්ලොග් එක දැක්කේ.... වටයක් කැරකිලා බලන්න ඔ්නේ.... මම හිතුවෙ බූට් එකක් කියලා උඩින් කොමෙන්ටුව හින්දා හොඳට ගියා....

    ReplyDelete
  3. කමක් නෑ.. විරහා ලිව්වත් ඒවා එකම වගේ නැති නිසා කියවන්න පුළුවන්.. අනිත් එක චූටි පද පේලි තියෙන නිසා කියවන්න කම්මැලි හිතෙන්නේ නෑ නේ..:-)

    ReplyDelete
  4. කවි ගොඩක් .........
    දඩබ්බර හිතක් ...... (මම නම් හිතන්නෙ නැහැ)
    ඔන්න මාත් ආවා මේ පැත්තෙ .....
    පස්සෙ හෙමින් සැරේ අනිත් කවි ටිකත් බලමුකෝ ......

    ReplyDelete
  5. @ නරකයා: බොහොම ස්තුති මේ පැත්තේ ආවට... නැවත එන්න හොදේ...

    @ රවීන්: කම්මැලි හිතුනොතින් කියන්න..

    @ කල්හාර: ඔව් ඔව් යකා කියනතරම් කළු නැහැ කියල කතාවකුත් තියනවනේ.. බොහොම ස්තුති ඇවිත් comment එකක් දාලම ගියාට

    ReplyDelete
  6. දුර යන්නට පුළුවන්නම්..‍ගොසින් ඉන්න තිබුණා මට...ලස්සනයි යාළුවා

    ReplyDelete
  7. @ දේව් : බොහොම ස්තුතියි යාළුවා! ඔයාලගේ comment මට ගොඩක් වටිනවා..

    ReplyDelete