Blogger Tricks

Wednesday, June 22, 2011

උදව්.... ඈවරයි! දෑවරයි!



ඇත්තටම මිනිහෙක් තවත් මිනිහෙක්ට මොනම හරි උදව්වක් කරලා ඒක අර මනුස්සයා ඉස්සරහම කේවල් කරන එක කොච්චර පහත් වැඩක්ද?
දඩබ්බරි මේ පෝස්ට් එක දාන්නේ නම් හරිම හිතේ අමාරුවෙන් ඒ වගේම කලකිරීමෙන්.. :(

තවත් කෙනෙක්ට උදව්වක් කරලා අපි බලාපොරොත්තු වෙන්න ඕනි මොනවද?දඩබ්බරි නම් හිතන්නේ අපි කාට හරි උදව්වක් කරලා ඒක එතනින් අමතක කරලා දාන්න ඕනි..එතකොට තමයි කරපු උදව්වෙ වටිනාකම තියෙන්නෙ..මොනවා හරි අපි ඒකෙන් බලාපොරොත්තු වෙනවා නම් ඒ කරලා තියෙන්නෙ උදව්වක් නෙමෙයි නේද?මිනිස්සු දැන් එකත් බිස්නස් එකක් කරගෙන!
හැබැයි උදව්ව ගත්ත කෙනා ඒකට කලගුණ සලකන එක එයාගේ යුතුකම.



මේ ලගදි දඩබ්බරි,ලගින් හිටපු යාලුවෙක් එක්ක අමනාප උනා.මොකද ඒ යාළුවා අන්තිම කැත විදියට විශ්වාසය කඩපු නිසා..දඩබ්බරි මේ යාළුවව ගොඩක් විශ්වාස කලා..එක පාරක් නෙමෙයි දෙතුන් පාරක්ම මේ යාලුවට දඩබ්බරි සමාව දීලා තිබුනේ එයාගේ වැරදි වලට..
එත් මේ පාර නම් දඩබ්බරිගේ රතු කට්ට පැන්න..

TRUST IS EVERTHING කියලා හිතාගෙන හිටපු දඩබ්බරිට යාළුවා විශ්වාසේ කඩපු නිසා මේ යාළුවා ගැන හොදටම කලකිරුණා..

එත් මේ යාළුවා කරදර කරනවා සමාව ඉල්ලලා..
එත් දෙයියනේ මෙහෙම විශ්වාසේ කඩ කරපු කෙනෙක්ට කොහොමද ගහෙන් ගෙඩි එන්න වගේ එකපාරටම සමාව දෙන්නේ?ඉවසීමේත් සීමාවක් තියෙනවනේ..
ෆෝන් එකේ බැට්රිය බහිනකම් ring කරනවා.
ඉතින් දඩබ්බරි යාලුවට කෙටි පණිවිඩයක් යැව්වා ,

"වදයක් නොවී ඉන්න" කියලා..

හැරෙන තැපෑලෙන් ආව

"ehemada? udaw gannakam wadayak wune na neda ?"
කියලා අහල.

මේ කෙටි පණිවිඩේ දැක්කාම දඩබ්බරිගේ ඇස් දෙකට කදුලුත් ආව මේ ඇත්තටම දඩබ්බරි දැනගෙන හිටපු යාලුවද කියලා..යාලුවෙක්ට වඩා ඔහු ගැන දඩබ්බරිගේ හිතේ තිබුනේ සහෝදර බැඳීමක්..

කරපු උදව් වලට මේ මනුස්සයා මට මිලක් තීරණය කරලා නේද කියලා ඒ ඇසිල්ලේම දඩබ්බරිට හිතුණා..

...හ්ම්ම්ම්ම්ම්...

ගොඩක් මිනිස්සු මෙහෙමයි කියලා දඩබ්බරි දැනගෙන හිටියට තමන්ගේම යාළුවා එහෙම කරයි කියලා හිතුවේ නැහැ.
ඇත්තටම මේ යාළුවා දඩබ්බරිට ගොඩක් උදව් කරපු කෙනෙක්...
නමුත් දැන් ඒ යාලුකම එයාගෙන් දුර ගිහින් වගේ...

තවමත් මේ ගැන හරි තීරණයක් ගන්න බැරිව දඩබ්බරි දුක් වෙනවා..

11 comments:

  1. අපේ තාත්තා මට කියල දීපු දෙයක් තියෙනවා... ඒ තමයි හරි මිනිහෙක්ට පොඩි උදව්වක් කරන එක වැරදි මිනිහට ලොකු උදව්වක් කරනවට වඩා හොඳයි කියලා... ඒක ඇත්තටම අපට හිතට සහනයක්.. අනිත් එක මම මැක්සිම් ගෝර්කිගේ අම්මා පොතේ දැක්කා "හදවත දැඩි කරමින් මිනිසුන් තෝරා ගත යුතුයි" කියලා.. අන්න ඒකත් ඇත්ත දඩබ්බරී.. අපට හැම කෙනෙක්ම ඕන නෑ.. ඕන අය හිටියම ඇති.

    ReplyDelete
  2. මිත්‍රත්වය වනාහි කෙන්දෙන් මැනිය හැකි කන්දක සවිය ඇති සංකල්පයකි..කෙන්දෙන් මනින්නේ මිත්‍රත්වය වෙනුවෙන් කරන්නාවූ අනේකවිධ කැපකිරීම්..කොච්චර යාළුවෝ යාළුවන්ට උදව්කලත් ඒ පරෝපකාර මහා කන්දක් තරම් උස වුනත් මිත්‍රත්වයෙදි ඒවා මනින්නේ කෙන්දක් තරමට..නමුත් මිත්‍රකමේ බැඳීම කොච්චර දුරින් තිබුණත් කෙන්දක් තරම් ක්ෂුද්‍ර වස්තුවක් තරම් කුඩා උනත් මනින්නේ කන්දක් තරම් සවිය තියන වස්තුවක් විදියට..ඒකයි මිත්‍රත්වයෙදි කෙන්දෙන් මනින කන්දක සවිය ඇති අරුථ දෙන්නේ..මම දවසකුත් ඔයාට කිව්වා මේ වගේ දෙයක්..

    ReplyDelete
  3. මිත්‍රත්වය කියන්නේ කරපු උදව් වලට ප්‍රති උපකාර බලාපොරොත්තු වෙන එකට නෙමෙයි... ඒක හදවතේ තියෙන්න ඕන ෆදෙයක්..

    ReplyDelete
  4. අනේ මන්දා අක්කියෝ..

    ReplyDelete
  5. තරහ ගන්න කාරි නැහැ දරුවෝ........

    ReplyDelete
  6. දෙමව්පියෝයි සහෝදරයෝයි ඇරෙන්න ලෝකේ 100% විස්වාස කරන්න පුළුවන් මිනිස්සු අල්පයි

    ReplyDelete
  7. උදවු කරලා ඒක ගැන මතක් කර කර කරදර කරන එක නම් හරි නෑ තමයි.

    ReplyDelete
  8. @ රවීන් හ්ම්ම් .... "හදවත දැඩි කරමින් මිනිසුන් තෝරා ගත යුතුයි" මේ කතාව නම් ගොඩක් වටිනවා...

    @ දේව් ඔව් ඔව් ඔයා මට මේ ගැන කලින් කිව්වා..ඒ ගැන බොහොම ස්තුතියි..

    @ Dinesh හ්ම්ම්...එකට තමයි උදව්ව කියලා කියන්නේ..

    ReplyDelete
  9. @ Mandi: අනේ මන්ද මල්ලී මටත් තේරෙන්නෑ.. :(

    @ සොඳුරු සිත: තරහව නෙමෙයි තියෙන්නේ තනිකරම කලකිරීම...

    @All in one : ඒක නම් සහතික ඇත්ත..

    @හංසි: දැන් මිනිස්සු කුහක වෙලා..තනිකරම ආත්මාර්ථකාමියෝ ඉන්නේ.. දුක ඒකයි!

    ReplyDelete
  10. යලුවො උනාම අනික් යාලුවගෙ හිත රිද්දන්නේ නැතුව ඉන්න ඔනි..නැත්තන් වැඩක් නෑ :)

    ReplyDelete
  11. people change that's what people do, they change the way we hate it, that's where sadness begins

    ReplyDelete