Blogger Tricks

Saturday, June 11, 2011

නංගි දැන්වත් සෙරෙප්පුව දෙනවද..?



දඩබ්බරිට හිතුනා එයාට උන පොඩි රස කතා, කරපු මැටි වැඩ ටිකකුත් ලිව්ව නම් හොදයි කියල... හැමදාම විරහව විතරක් ලියන කියල ටික දෙනෙක් මට චෝදනාත් කලානේ..
මේ සීන් එක වෙලා තවම එච්චර කල් නැහැ. දඩබ්බරි සහ යාලුවෝ සෙට්  එක මේ ලගදි දවසක මහියංගනේ  ගියා. යන අතරමගදී උන සීන් එකක් තමයි මේ. මාතර ඉදලා මහියංගනේ යන්න පැය 9ක් විතර යනවා. පන යන වැඩක්! ඒත් දඩබ්බරි කවදාවත් ඒ පැත්තේ ගිහින් නැති නිසා හෙන උනන්දුවෙන් තමයි ගියේ.
කොහොම හරි අපි නැග්ගේ අර එක පැත්තක සීට් තුනක් තියන මොනරාගල bus එකක. දඩබ්බරි තව යාළුවෙකුයි සීට් තුනක් තියෙන පැත්තේ වාඩි උනා. සෙට් එකේ අනිත් කස්ටියත් අපිට පිටි පස්සේ සීට්
වල වාඩි ගත්ත. යාළුවා shutter එක පැත්තේ දඩබ්බරි මැද.  දඩබ්බරිගේ එහා side ඒකෙන් bus එක පිටත් වෙන්න හදනකොටම කොලු ගැටයෙක් ඇවිත් වාඩි උනා. කොලු ගැටයෙක් කිව්වට අයියා කෙනෙක්. හිකිස්‌.. ඔන්න ඉතින් bus එකත් යනවා යනවා ඉවරයක් නැහැ. එහා පැත්තේ අයියත් ෂෝක් එකට ඉදගෙන ගියා. අපිත් ඉතින් ටිකක් නිදාගෙන,ටිකක් කියව කියව ඔහේ යනවා. අයියාකාරයා හම්බන්තොට හරියෙදී විතර දඩබ්බරිගෙන් ඇහුවා ,


"නංගිලා මොනරාගලද යන්නෙ කියල"

නොදන්නා අයට යන්නෙ කොහෙද කින්ද මන්ද කියන්නේ යන්නෙ මොකටද කියල හිතිලා "ඔව් "කියන්න දඩබ්බරි ඔලුව වැනුවා විතරයි. වචනයක්වත් කතා නොකරපු නිසාද කොහෙද
අයියත් වෙන මොකුත් ඇහුවෙත් නැහැ. අයියා මොනා හිතුවද මන්ද.. ඒත් ඉතින් එහෙමයි කියල දඩබ්බරීට මොකෝ?
 ඔහොම ගිහින් ගිහින් වැල්ලවායේදී bus එක දවල්ට කන්න නැවැත්තුවා. දඩබ්බරිත් බඩගින්නේ හිටපු නිසා bus ඒකෙන් බැහැලා යාලුවෙක් එක්ක ගියා කන්න මොකුත් ගේන්න. යකෙක් කන්න බඩගින්නේ හිටියෙ.දඩබ්බරි ගිය අතරවාරයේදී දඩබ්බරිගේ යාළුවා අර අයියත් එක්ක කදේ වැටිලා. කැත වැඩ නේද? දඩබ්බරි ගාවනේ ඒ අයියා හිටියේ..හිකිස්‌..


ඔන්න දැන් bus එක නැවත ගමන ආරම්භ කළා. ඔන්න එක පාරටම දඩබ්බරිගේ කකුලට සෙරෙප්පුවක් අහු උනා යාළුවගේ side එකේ තිබිලා. එතකොටම වගේ දඩබ්බරිගේ මොලේට නසරානි වැඩක් කල්පනා උනා.දඩබ්බරි සාමාන්‍යයෙන් බොහොමයක් නසරානි වැඩ කරනවා.හැබැයි යාළුවන්ට විතරයි!මේවා පොඩි පහේ අහිංසක නසරානි වැඩ..හිකිස්‌!!!

දඩබ්බරි shape එකේ සෙරෙප්පුව දඩබ්බරිගේ පැත්තට ඇදලා ඇරන් කකුල් දෙකෙන් පාග ගත්තා. ඒත් යාලුවට මෙලෝ සිහියක් නැහැ.හරියට සෙරෙප්පුවක් දාගෙන අවේ නැහැ වගේ.. අනේ ඉතින් දඩබ්බරිටත් මොකද කියල සද්ද නැතුව හිටියා. ඒ අතරේ එහා පැත්තේ හිටපු අයියා බිම බලනවා වගේ දඩබ්බරි හොරැහින් දැක්ක. අයියටත් පොඩි හිනාවක්‌ ගියා වගේ.. දඩබ්බරිත් හිතුව යාළුවගේ සෙරෙප්පුව මම හොරෙන් ඇරන් කියල අයියත් දකින්න ඇති කියල.. මෙහෙම පැයක් විතර ආවා!
මෙන්න බොලේ එක පාරටම අර අයියා කියපි "නංගි දැන්වත් මගේ සේරප්පුව දෙනවද කියල". දඩබ්බරි දඩස් ගාලා කකුල් දෙකෙන් පාගන් හිටපු සෙරෙප්පුව දිහා බැලුවා.. යකඩෝ.. හතර විලි ලැජ්ජයි දඩබ්බරි මෙච්චර වෙලා පාගන් ඉදලා තියෙන්නේ අර අයියගේ සෙරප්පු දෙක! පොලොව පලන් යන්න හිතුනේ ඒ වෙලාවේ නම්.. දඩබ්බරිත් ඉතින් අහිංසකයා වගේ "අනේ verry sorry aiye" කියල සෙරෙප්පුව දුන්නා. අර අයියටත් හිනා..

"නංගි අපි එහෙනම් බහිනවා.බුදු සරණයි "කියල ඉස්සරහට ගියා..දඩබ්බරිත් "බුදු සරණයි "කියල හිමින් කිව්වා අයියට ඇහුනද දන්නේ  නම් නැහැ.ඒ වගේ නෝන්ඩියක් කවදාවත් කාල නැහැ,ඒ නිසා බුදු සරණයි කිව්වෙත් පැටලි පැටලි..ෂික් අප්පා මටමයි වෙන්නෙ.. :( පස්සේ දඩබ්බරීටත් තනියෙන් හිනා..!
ඒ වෙලාවේ යාළුවා නිදාගෙන හිටියේ අයියා බැස්සට පස්සේ ඇහැරවලා සීන් එක කිව්වා..යාලුවට හෙන හයියෙන් හිනා..." දැන්වත් මේකෙන් පාඩමක් අරන් නසරානි වැඩ නවත්තන්න "කියල තමයි යාලුවගෙන් උපදෙස් ලැබුනේ..
ඒත් ඉතින් එහෙම කියලා ඒවා නොකර පුලුවන්ද???
එතකොට දඩබ්බරී දඩබ්බරී  වෙන්නෙ කොහොමෙයි??

සීන් එක කියවල කස්ටියට ලාවට හරි හිනාවක්‌ ආව නම් පොඩි comment පාරක් දාන්න..

15 comments:

  1. lawata nemy baba hodatama hina.....
    mama hamadama kiyanawane oya wage moda wada karanna epa kiyala... hikzzzzzzzz...

    ReplyDelete
  2. කතාවට හිනා යනවා..කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශය තමයි..කොල්ලනි දදබ්බරීගෙන් තමාගේ සෙරෙප්පු ප්‍රවේශම් කර ගන්න!!!!!! හික්ස්ස්..

    ප.ලි.
    මෙහෙම ඒවත් ලියන එක හොඳයි..කවි විතරක් නැතුව

    ReplyDelete
  3. ටිකක්.. ??? ටිකක් නෙමේ ගොඩක් හිනා.. මරු මරු වැඩනෙ හප්පේ නසරානියා හෙවත් දඩබ්බරීටත් වෙන්නේ :ඩී

    ReplyDelete
  4. ඔයින් ගියා මැදැයි අය්යා කෙනෙක් වෙනුවට ඇන්ට් කෙනෙක් උන්න න0 බලන්ඩ තිබ්බා සෙල්ලම...................

    ReplyDelete
  5. හික්ස්.....අපි ක්ලාසි යන කාලෙත් උනා ඔහොම වැඩක්...එකෙක්ගෙ සපත්තුව දැම්මා තව එකෙක් ගෙ බැග් එකකට...අපිට අමතක උනා දපු වග..ක්ලාස් ඉවර වෙලා අරු දාගෙන සපත්තුව හොයද්දි තම අපිට මතක් උනෙ...ඒ පාර අපිව අරුව හොයද්දි ඌ ගිහින් ක්ලාස් ඉවර උන ගමන්....ඇයි ඌ දන්නෙත් නැහැ නෙ....හික්ස්
    අදයි මේ පැත්තට ආවෙ පලවෙනි පාරට...ජය වෙවා!

    ReplyDelete
  6. @rushan දන්නවනේ ඉතින් මගේ හැටි

    @ රවීන් ඔව් ඔව් කස්ටිය දඩබ්බරී ඉන්න bus එකකට නගිනකොට සෙරෙප්පු දෙක සාක්කුවේ දාගෙන නැග්ගොත් තමයි හොද.. හිකිස්‌
    හැමදාම එකම දේ කියවන ඔයාලටත් ලියන මටත් එපා වෙන නිසා තමයි මෙහෙම ලියන්නත් හිතුනේ..බොහොම ස්තුතියි උපදෙස් වලට..

    @ චතූ හිකිස්‌ මේවා ඉතින් දඩබ්බරී ඉල්ලලා නාගන්න ඒවා තමයි..

    @ සමිර හොද ඇන්ටි කෙනක් හිටිය නම් අව්ලක් නැහැ..නැත්නම් දඩබ්බරීට දෙයියන්ගේ පිහිට තමයි..

    @ sabith හිකිස්‌ මේ තියෙන්න මෙයාලත් කරපු නසරාණි වැඩ..!! බොහොම ස්තුතියි මේ පැත්තේ ඇවිත් ගියාට..


    comment දාපු හැමෝටම අයෙත් බොහොම ස්තුතියි කිව්වා!! ඔහොම comment දාල දිරි ගන්වනකොටනේ මේ වගේ වැඩ තව තවත් දඩබ්බරිට කරන්න හිතෙන්නේ.. හිකිස්ස්.. :P

    ReplyDelete
  7. ෂා නියමයි... පාඩමක් ඉගන ගත්තෙ නැද්ද ඒකෙන් වත්??

    ReplyDelete
  8. @ හංසි : හිකිස්‌... තවම නැහැ මං හිතන්නේ..

    ReplyDelete
  9. ආ දඩබ්බරී ! මගේ ගම් පලාතට ලඟින් රවුමක් ගහලා වගේ ..

    ReplyDelete
  10. @ හිස් අහස: එහෙමයි එහෙමයි සදරු.. ෂෝක් පළාත..අපි ආයෙත් ලගදි එනවා..!

    ReplyDelete
  11. අනේ අනේ මගේ අක්කියෝ.. ඔයත් කරන වැඩ :P

    ReplyDelete
  12. SEAT 3 KIYANNE Turbo . Turbo nam ethin Ashok Leyland thama :D KOHOMA WUNATH BUS eka eka nee?????

    ReplyDelete
  13. දැන් තේරුණා ඇයි දඩබ්බරී කියන්නේ කියලා....:D

    ReplyDelete
  14. @mandi: මල්ලිගේම අක්කියනේ මම............

    @Larjitha Gamage: මම බස් එකේ ජාතිය බලන්න නම් ගියේ නැහැ.

    @ Tishan Pubudu : හිකිස්‌...... ඔය කිව්වට එච්චරම දඩබ්බර නැහැ..

    ReplyDelete