Blogger Tricks

Thursday, June 9, 2011

නුබෙ නොවන අක්කණ්ඩි මා තමයි මල්ලියේ



සොයුර නුඹ මගෙමයි
හිතුනෙ මට එහෙමයි
ඒත් නුඹ ඈතයි
ලං වෙන්න බැරි ගානයි....

හමු වීම පහසුයි
වෙන වීම දුකක්මයි
ජිවිතේ හැටි ඔහොමයි
නුඹට දුකක් ඇති නැති ගානයි....

පෙර දවස මං ගාව දැවටිලා
හුන් කාලේ අතීතෙට අලවලා
නුඹ යන්නෙ ඈතටම පියඹලා
මහා දුකක නුඹ මාව ගිල්වලා....

හැමදේම පොඩි කමට කියවලා
සොයුරු පෙම මං ගාව වැඩිකලා
නොදැනිම කල දවස ගෙවිලා
නුඹ දැන් ලොකු මිනිහෙක් වෙලා....

නුඹ සතුට මගෙයි හැමදාම මල්ලියේ
හැරෙන්නට බැරි උනත් ඔය ගමන මල්ලියේ
ජිවිතේ ජය ගනින් මගේ සතුට මල්ලියේ
නුබෙ නොවන අක්කණ්ඩි මා තමයි මල්ලියේ....

10 comments:

  1. ලස්සනයි පවී....ගොඩාක්.....හිතට දැනෙන පද අරුතක්...

    ReplyDelete
  2. බොහොම ස්තුති Rv...
    මගේ හිතට දැනුන ලොකූ සිදුවීමක් නිසා තමයි මම මේක ලිව්වේ...

    ReplyDelete
  3. එහෙම වෙන්න ඕන. මේ වගේ කවියක් අමුතුවෙන් ලියන්න අමාරුයි. හිතේ තිබ්බ ලොකු දෙයක් පදවැල් වලින් එලියට ඇවිත් වගේ තමයි පේන්නේ.. සංවේදී කවියක්..:-)

    ReplyDelete
  4. නුබෙ නොවන අක්කණ්ඩි මා තමයි මල්ලියේ....ලස්සනයි........

    ReplyDelete
  5. මගේ හිතට ගොඩාක් දැනුන කවි පෙලක් අක්කියෝ.
    ඒ ඇයි කියලා මං වගේම අක්කියත් දන්නවා..
    කියන්න වචන නෑ..ඇහැට කදුලු එන තරම් සංවේදීයි..
    :'

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මං මේ කවි පන්තියට ගොඩාක් ආදරෙයි..

    ReplyDelete
  8. ගොඩක් හිතට වදිනවා.........

    ReplyDelete
  9. බොහොම ස්තුතියි කුබුවී.. අයෙත් මේ පැත්තේ එන්න..

    ReplyDelete
  10. ලස්සනයි මගේ අක්කත් එක්කත් දැන් සම්භන්ද ටික ටික අඩුවෙලා කාලේ හැටි

    ReplyDelete