රැවුල්
ගස් වලින්
ගැවසුන
අඳුරු හදවත
හුස්ම
ගන්නට
තිබු
විය සිදුර
නුදුරේ
පෙනේ
නොසැලෙන
අඹ
ගසක්..
පාමුල
වුවත්
විසිතුරු
මල් ගසක්
නොපෙනේ
කිසිදු පිළිසඳරක්..
හමු
වෙන්න එන උන්
නොමැති
තනිය හුරු
කරවන
සිතක් ..
හදවතට
මෙපිටේ
යකඩ
දඩු වැටක්
ගෙනෙයි
ගිනියම
දහවල
රැයෙත්..
සිදුර
ගෙනෙනා
කණමැදිරි
එළියෙන්
හුස්ම
ගන්නා ගොළු ඇසක්
තිබෙයි
ආදරයකට
මැදි
වී ...
No comments:
Post a Comment