නිමිත්ත - සුතිකාගාරයේ දොර අසල නොඉවසිල්ලෙන් රැඳී සිටින තරුණයෙක්....
නුඹ නගන වේදනා
පරයමින් ඇසෙනවා
මගේ හදේ හද ගැස්ම
මොර ගසයි නොපෙනෙනා...
අප ලෙයින් උපදිනා
සෙනෙහසේ කුමරුවා
අද එතැයි හෙට එතැයි
අපි ඇඟිලි ගැන්නුවා..
මේ දොරෙන් පිටත හිඳ
ඉවසුමක් නැතුව ළඟ
පතිනියනි නුඹේ සුවත්
දියණියනි නුඹේ සැපත්
සියලු දේ පුද දෙමින්
දෙවියන්ට අයදිමි...
මේ විසල් විශ්වයේ
කිසිකෙනෙක් නොවිඳිනා
මව් කෙනෙක් විඳවනා
වේදනා සයුර අස
කුහුඹුවෙකි
පියවරුන් මේ දවස...
හැමදාම වගෙම, අපූරුයි!
ReplyDeleteඉස්තුතියි
Deleteඇත්තටම අපූරු කවියක්.. ලස්සනයි..
ReplyDeleteබොහොමත්ම ස්තුතියි වෙනද වගේම :)
ReplyDelete