Blogger Tricks

Tuesday, December 10, 2013

මිතුරු කමට ඇරයුම් ගෙනෙන පොලඟුන්



නැවතුමක් ගැන
සිතා ගන්නට
තොටුපලක් නැති
විල් තෙරේ,
හබලකට වාරු ගෙන
ඔරුව පැද යමි
හිතු මතේ....

වැව් දියට නැමී
අරලියා මල්
හිනැහෙමින් අත වනා,
මිතුරු කමකට
ඇරයුම් ගෙනෙයි
මග දිගට ඇස් ගස ගසා....

අතු අගිස්සේ
රවන පොලඟුන්
දෙස බලා,
දිගු කරන අත
ගුලි කරන්නෙමි
සිතට බිය වැඩි නිසා.....

4 comments:

  1. හොද අර්ථයක් තියෙන කවියක්..

    ReplyDelete
    Replies
    1. ඔව් සැගවුණු දෙයක් තියෙනවා..
      ඉස්සර වගේම ඔබතුමා මේ පැත්තේ ඇවිත් යන එකට ගොඩක් සන්තෝසයි...

      Delete
  2. රවන පොලඟුන් රැසක් අතරේ
    ඔබම වෙනුවෙන් සිටින නිතරේ
    එක අයෙක් ඇති පතපු සසරේ
    හමුවෙනා තුරු හිඳින් මිතුරේ

    ReplyDelete
    Replies
    1. දබ්බරයා සෑහෙන කාලෙකින් දැක්කේ....

      Delete