Blogger Tricks

Saturday, August 17, 2013

ලැම පෙන්වා මුදල් කරන්නිය!

විලිකුන් සුරත් ඵල  ලෙස
හිරු අවරට යන්නා,
     සුවඳ පැනින් ඇඟ උණුසුම
     කර ගන්නා,
දැක්ක විටම පිරිමින්ගේ
රති ආශා වැඩි වෙන්නා,
     සැන්දෑ අහස මෙන් සැරසී
     ඇය මහ මග වෙත යන්නා,


දෙනුවන් අයා මඟ
බලමින් ඉන්නා,
    මුහුණේ පැහැය අනුරාගෙන්
    බබලන්නා,
යන එන මස් පර්වත
ගනු දෙනු විමසන්නා,
    කුණු කොල්ලෙට ඇඟ මස්
    මිල නොකරන්නා,


පවලට වින කළා මවගේ
නොමනා හැසිරීම,
    රාග මතින් සැමියා මැරුවා
    සොර සැමියා හින්දා,
තම සුව පතා ඒ අම්මා
තම දරුවා මිල කෙරුවා,
     රතු මුනෙකුට පොඩි කාලෙම
     බිලි දුන්නා,


සැමියෙකු නොමැති මුත්
     හැම රැයකම
මිලියනපතියන් හමුවෙනවා,

මංගල මුදුව නොදැමූවත්
      හැම දිනකම
මංගල රැය ගත කරනා,

ආලය නොකෙරුවත්
     ආදර බස්
නොඅඩුව ලැබෙනා,

ජීවිතය මේ වගෙයි
     කොයි කාටත්
එක සේ නොසලකනා....

4 comments:

  1. හ්ම්ම්, තව එක රැකියාවක්.

    ReplyDelete
    Replies
    1. ඔව් මේ රැකියාවට එකිනෙකා පෙලබෙන්නේ විවිධ හේතු නිසා...මේකත් එක හේතුවක්.. :(

      Delete
  2. :) කොහොමද සඳුන් ඉතින්???

    ReplyDelete
  3. hodai hodai.... kohomda ithin oyata....????

    ReplyDelete