Blogger Tricks

Monday, February 6, 2012

මගෙ නොවූ (අ)සම්මතය






හැරුණු තන පට
මුදා හල නුඹ,
කෝල නෙත් යුග
නිවා දැමුවා,

නුඹේ සියොළඟ
සුසුම් දවටා,
නුඹේ සුසුමෙන් 
හුස්ම ගත්තා..

බිදී කෝලව
නුඹේ සතුටත්
මගේ සතුටත්
ළයෙන් තෙත් වී ගලා හැලුණා...

සැනසුනේ නුඹ
සැනසුනේ මම
අසා සඳකැන් හඬා වැටුණා...

3 comments:

  1. සියොලග තවරවා
    නුබේ ආලය පුරවා
    ගෙවුනු මොහොතක් පවා
    ගෙනේ මට සැනසුමක් හද නලවා

    ReplyDelete
  2. ම්ම්ම්.. ප්‍රේමයෙන් මත්වුනු කවි පෙළක්.. අපූරුයි!!

    ReplyDelete