Blogger Tricks

Friday, January 6, 2012

පෙමක් නොවූ සෙනෙහසක්...


පදින් පද ගිලිහෙන
අකුරු කවි අමුණන
කවක රස නිමවෙන
කවක් නොව කවියක් වුන.....

රසින් රස මිය යන
සිතින් සිත ලං වුන
ලොවෙන් ගැරහුම් ලද
පෙමක් නොව සෙනෙහසක් ලියවුන....

නුඹෙන් සැනසුම් ලද
සිතින් නුඹ නොමියෙන
සඳක් ලෙස අහසට
නැගුන නුඹ සඳවතිය....

වරම් නැහැ ඉන්නට
ලොවක් ඇත දුර ඈත
අයිති නැති ලොවකට
හිමිකමක් කිම තවම....???

5 comments:

  1. අයිති නැති ලොවකට
    හිමිකමක් කිම තව...??

    ඒකට තමයි ආදරයේ දුක්ඛ පාර්ශවීය යථාර්ථය කියන්නේ.අයිති නැති යමක් වෙනුවෙන් ජීවිතය පුරාම බලාගෙන ඉන්නේ ආදරේ නිසාම වෙන්න පුළුවන්. ඒත් එහෙම බලාගෙන ඉන්න හිත්වලට සාධාරණයක් ඉටුනොවෙන ගාණයි..ඒකයි දුක්ඛ පාර්ශවීය ප්‍රේමයේ කටුක සත්‍ය

    කොහොමවුණත් නිර්මාණය ලස්සනයි

    ReplyDelete
  2. ලස්සනයි

    "අයිති නැති ලොවකට
    හිමිකමක් කිම තවම.."

    මේ කොටසට මම ගොඩක් ආසයි...

    ReplyDelete
  3. //වරම් නැහැ ඉන්නට
    ලොවක් ඇත දුර ඈත
    අයිති නැති ලොවකට
    හිමිකමක් කිම තවම....???//

    ලස්සනම ලස්සනයි දඩබ්බරී!!!!

    ReplyDelete
  4. "පදින් පද ගිලිහෙන
    අකුරු කවි අමුණන
    කවක රස නිමවෙන
    කවක් නොව කවියක් වුන....."

    මේ කවිය හිතට දැනුනා.. හරිම ලස්සන සිතුවිලි ගැලපුමක් දඩබ්බරී නංගියෝ.. :)

    ReplyDelete