දේදුන්නේ පාට හතම මහ පොළොවේ රන්දාලා ඒ පාටින් මැව්ව ලෝකෙ කොහෙදෝ නුඹ හංගාලා..... ඒ පාටින් හීන හතක් මැව්වේ මං නුඹ එක්කම පාට පාට හීන ලොවක අපි දෙන්නා තනි වීලා..... මං විතරක් එක හීනෙක රන්දා නුඹ පා කරලා හීන වලට ගොඩක් උඩින් අත විතරක් වනලා මට සමු දුන්නා..... |
සයිබරයේ දඩබ්බරීගේ බ්ලොග් අවකාශය.. I Belive I Can Fly... I Belive I Can Touch The Sky...
Tuesday, May 31, 2011
පාට සිහිනය
නුඹ සහ මම
ඈත කළු වලාවක
වැසි වැටුණු දවසක
නොකියාම යන බව
සැගවුණේ නුඹයි....
මෑත රන් රේඛාව
දිලෙන තුරු හැමදාම
නොපියු නෙත් දල්වාන
බලා ඉන්නේ මමයි...
පිවිතුරුය කියූ ප්‍රේමය
බිම දමා, කැබලි කර
පව්ත් අර ගත්තේ නුඹයි....
පුජනීය ප්‍රේමය
හිත වටා දවටාන
තවම සුසුම් ලන්නේ මමයි.........
කුමට ද වෙන සැප...?
මං මළ දා නුඹ තනි රකිනා බව මට නිතරම කිව්වා.. අද නුඹ නැත මගේ ළඟින් වාවන්නේ හිත කොහොමද කඳුළුම විතරයි අද මගේ තනියට... මං මැරුනොත් මගේ තනියට නුඹ එන බව සත්තකයි ද...? එහෙනම් මට මරණය මිස වෙන සැපයක් ලොව කොයින්ද......??? |
හමු(නො)වි , වෙන්(නො)වෙමු..!
"හමුවන හැම
වෙන් වෙන බව
දැන දැනමයි
හමු වුයේ....
වෙන් වී නුඹ
ගිය දා, මං
හමුවන අය
වෙන් වෙන බව
Friday, May 20, 2011
අයිති නැහැ නුඹට
නුඹ ගැනම
නෙක අරුත්
පන්හිඳෙන් ගැලපුවාට..,
නොකියාම
මං නුඹව
ගීතයක් කෙරුවාට...,
අයිති නැහැ
නුඹේ නොවන
මං වගේම
මගෙ කවි එකක්වත්
කවි නොදන්න
නුඹේ නමට...
නෙක අරුත්
පන්හිඳෙන් ගැලපුවාට..,
නොකියාම
මං නුඹව
ගීතයක් කෙරුවාට...,
අයිති නැහැ
නුඹේ නොවන
මං වගේම
මගෙ කවි එකක්වත්
කවි නොදන්න
නුඹේ නමට...
- මළකඳ -
නුඹ
මරා දැම්ම
අපේ ආදරේ
මළගම
ඉහලින්ම
කරන්නට සිතුවා මං
ආදරේ නාමයෙන්.....
නුඹ දුන්නු
හැම දේත්,
ලේ ගලන මගේ හදවතත්
දැම්මා මං පෙට්ටියට
ඉබි යතුරුත් එක්කම ....
නුඹ එව්ව මල් වඩම
ගෙයි මැද්දේ
තිබ්බා මං උජාරුවට.....
ආයෙ ආයෙ
මා බය කර
අවතාර විලස
නොනැගිටින්නට
වලලන්නද?
පුච්චන්නද?
ලතැවෙන මගෙ
සිත හින්දා...
මළකද තවමත්
ගේ ඇතුලේ
ගඳ ගහමින්...............
මරා දැම්ම
අපේ ආදරේ
මළගම
ඉහලින්ම
කරන්නට සිතුවා මං
ආදරේ නාමයෙන්.....
නුඹ දුන්නු
හැම දේත්,
ලේ ගලන මගේ හදවතත්
දැම්මා මං පෙට්ටියට
ඉබි යතුරුත් එක්කම ....
නුඹ එව්ව මල් වඩම
ගෙයි මැද්දේ
තිබ්බා මං උජාරුවට.....
ආයෙ ආයෙ
මා බය කර
අවතාර විලස
නොනැගිටින්නට
වලලන්නද?
පුච්චන්නද?
ලතැවෙන මගෙ
සිත හින්දා...
මළකද තවමත්
ගේ ඇතුලේ
ගඳ ගහමින්...............
Subscribe to:
Posts (Atom)