Blogger Tricks

Tuesday, November 1, 2011

මගේ සෙනෙහස..







ඇරඹුමක් නැති
අවසනක් නැති
ප්‍රේමයක් ඇති
මගේ හිතේ....

        ඒ වගක් තව
        හඳුනගන්නට
        සිතක් නැති කවිකාරියේ.....

තරු පිපුණු
අහස යට
මල් පිපුණු
දෙරණ මත
ලංවුණේ හදවතින්
ජිවිතේ කරන් නුඹ....

         කවුරු නාවත්
         නුඹේ තනියට
         ජිවිතේ වුව
         පුද කරන්නට
         කෙනෙක් සිටි බව
         මතක් කරපන්
         සුහදිනී.............

6 comments:

  1. "කවුරු නාවත්
    නුඹේ තනියට
    ජිවිතේ වුව
    පුද කරන්නට
    කෙනෙක් සිටි බව
    මතක් කරපන්
    සුහදිනී............."

    ම්ම්ම්ම්ම්ම්... හරිම අපූරුයි... ලස්සනයි.. කවුරු නැති වුනත් ආදරේ කරන්න එකම හිතක් බලාගෙන ඉන්නෙ

    ReplyDelete
  2. හ්ම්ම්... හරිම ලස්සනයි...

    කවුරු නාවත් නුඹ තනියට
    හිඳින්නෙමි මම සෙවණ සදනට
    ජීවිතේ මඟ වැරදුනත් හෙට
    පිළිගනිමි මම තුටින් ඔය සිත,.

    ReplyDelete
  3. ලස්සන සෙනෙහසේ කවියක්...

    ReplyDelete
  4. @ හිතුවක්කාරි : ස්තුතියි සහෝ...හ්ම්ම් ප්‍රශ්නේ ඒ ආදරේ තේරුම් ගන්න බැරි එකයි...

    @ ප්‍රාර්ථනා : ජීවිතේ මඟ වැරදුනත් හෙට
    පිළිගනිමි මම තුටින් ඔය සිත,
    ලස්සනයි..

    @ dinesh : බොහොම ස්තුතියි යාලුවා වෙනද වගේම....

    ReplyDelete
  5. ලස්සනම ලස්සනයි දඩබ්බරී... ආදරයත් එක්ක දැනෙන අසීමිත හැඟීම් ගොඩක් ලස්සනට වචන වලට හරවලා..

    ReplyDelete
  6. ස්තුතිම ස්තුතියි හංස පිහාටුව... :)

    ReplyDelete