Blogger Tricks

Friday, October 21, 2011

මිහිරී සරදම...





රිදුමක් ය මිහිරී
හදවතින් නැගෙන...

කදුලක් ය මිහිරී
දෙනයනින් ගලන...

සුසුමක් ය මිහිරී
මදහසින් නිවෙන...

වදනක් ය මිහිරී
මුළු ලොවක් සිතන...

සරදමක් ය මිහිරී
ප්‍රේමයක් කෙරුම...

8 comments:

  1. ඒක නම් ඇත්ත දඩබ්බරී... ආදරයත් සරදමක් තමයි කොහොම බැලුවත්.

    කොයිතරම් මිහිරි මුත් හද දවන හින්දා
    කඳුලු සුසුමන් ඇවිත් හිත බිඳින හින්දා
    මුලු ලොවක් සිතනමුත් සරදමක් හින්දා
    ඕවාට පැටලෙන්නෙ මොනවටද මන්දා..

    ReplyDelete
  2. @ Gayan : බොහොම ස්තුතිය...

    @ හංසි : ඕවට පැටලෙන්නේ දැන දැනම තමයි අනේ...හිකිස්‌....

    ReplyDelete
  3. ලස්සන කවි පෙලක්..

    ReplyDelete
  4. කවියක්ය මිහිරි
    සිතට දුකක් නෑගේන...

    ReplyDelete
  5. වෙනද වගේම ඇවිත් ලස්සනයි කියල යනවට බොහොම ස්තුති දිනේෂ්....

    ReplyDelete
  6. hiks Sandun ට දුක හිතුනද...?

    ReplyDelete
  7. හරිම ලස්සන කවි රටාවක්, සුබ පැතුම් මගෙන්.. තවත් ලියන්න, මේ රටාවට ගොඩක් කැමතී

    ReplyDelete