Blogger Tricks

Sunday, October 16, 2011

සරසවියේ සිහින තරම් ලස්සනදැ'යි මට කියන්න....

එක මග ගත් මුත්
සරසවියේ අපි,
ලංවෙලා සිතට සිත
වෙන් වෙන්න නොම හිතපු
සිව් වසර අද කොතැන...

ලං නොවෙන තරමට
වෙනස් වී කාලය
සිහිනයක් තරමට 
දුර ඇදුණු අරුමය...

දෙපස වූ ප්‍රේමය
වෙන් වෙන්ව සායම්ව
මතුකරගත්
ජිවිතයේ අද සිතුවම
සරසවියේ සිහින තරම්
ලස්සනදැ'යි මට කියන්න....

6 comments:

  1. සමහර කැම්පස් ලව් වල තිත්ත ඇත්ත...

    ReplyDelete
  2. ලස්සන නිර්මාණයක්.. නිසූපා අක්කා කිව්වා වගේ තමයි.

    ReplyDelete
  3. ලස්සන කවි පෙලක්...

    ReplyDelete
  4. හීන ලස්සනයි..සරසවි හීනත් ඒ වගේම
    ඒත් දකින හිත් සහ සැබෑ ලෙස දකින් ඇස්
    ගිනි කණ වැටිලනම්..
    මේ කතාව පිළිගන්නවා..
    ඒත් එහෙම නැත්නම්
    මේ කතාව පිළිගන්නේ නෑ..

    ලස්සන නිර්මාණයක් යාළුවා

    ReplyDelete
  5. @ නිසුපා : නෑ අක්කි කැම්පස් වල සමහර ලව් වල තිත්ත ඇත්ත කියල සංශෝදනය වෙන්න ඕනි නේද?...

    @ හංසි : බොහොම ස්තුතියි...!

    @Dinesh : ස්තුතියි යාළුවා...

    @ විජඉදු : මට තේරුනේ නැහැ ඔයාගේ කතාව..

    @Sandun : :)

    ReplyDelete
  6. හි හී..ඒ අදහසෙන්ම තමා නංගි මාත් කිව්වෙ.

    ReplyDelete