Blogger Tricks

Wednesday, September 7, 2011

පාට තැවරෙනු මං බලා සිටියා


මටත් රහසේ
මගේ හිත යට
සොඳුරු හැඟුමක
පාට තැවරෙනු 
මං බලා සිටියා...

නීල අහසේ
අත් තටුත් ලැබ
පියාඹා යන අරුම පුදුමය
සිතින් මං දැක්කා...

නුඹේ අත ගෙන 
ඉවුරු අසබඩ
ආදරේ පෙම් සුව විඳින්නට
හිතන් නැතුවම ලං වෙනා හැටි 
සිහින වල දුටුවා...
 
 

8 comments:

  1. ඔයාගේ පද ටික නම් නියමයි දඩබ්බරියේ
    ..........................
    මටත් රහසේ
    මගේ සිත නුබ
    හොරෙන් අරගන
    මගෙන් ඇතට
    පියාබා යන අරුම පුදුමය
    මා බලා සිටියා..................

    ReplyDelete
  2. සිහින අතරින් පාවෙලා යන
    අපේ සිතුවිලි දහර
    ඉල්ලා ඉල්ලා හඬන
    හංස රංචු දැක
    සිනාසෙද්දී ඔබ
    මම ඔබව සිඹ
    තරු කඩා දුන්නා...

    ReplyDelete
  3. ලස්සනයි..නියම පද ටික.

    ReplyDelete
  4. ලස්සන කවි පෙලක් දඩබ්බරී..

    ReplyDelete
  5. @ අම්බලම: බොහොම ස්තුති වේවා..!

    @හිරණ්‍ය: කඩා දුන් තරු කැට
    විසි කළා අහසට
    සිනාසෙන මං දැක
    හඩන් නුඹ හැමදාම

    ReplyDelete
  6. @ නිසුපා : බොහොම ස්තුති අක්කෝ..දිගටම මේ පැත්තේ එන්න.

    @ Dinesh : thnk u වේවා..
    හැමෝගෙම ප්‍රතිචාර දිගටම ලියන්න මට ලොකු හයියක්.

    ReplyDelete
  7. lassana pada pela dadabbara nangi... post 1 lassanata publish karalath thiyenawa.. ;))

    ReplyDelete