Blogger Tricks

Thursday, July 14, 2011

පුතා බුදුන් දැකලා නිවන් යන්න ඕනි..!



දඩබ්බරි කාලයක් කොළඹ රටේ පන්තියකට ගියානේ..කොළඹ පාරවල් තොටවල් ගැන දඩබ්බරි වැඩිය දන්නේ නෑ නොවැ..ඒත් දඩබරිගේ යාලුවෙක්ට පින් සිද්ද වෙන්න දැන් නම් ටිකක් ටිකක් විතර දන්නවා.
ඒ දවස් වල දඩබ්බරි නැවතිලා හිටියේ ඔන්න ඔය වත්තෙගෙදර පැත්තේ යාලුවෙක්ගෙ බෝඩිමක.වත්තේ ගෙදර හන්දියෙන් බැහැල එතනින් වෙන බස් එකක් ගන්න ඕනි බෝඩිමට යන්න.
ඔන්න වෙනදා වගේ ම දඩබ්බරි පන්තිය ඉවර වෙලා වත්තේගෙදර හන්දියෙන් බැහැ ගත්ත.එවෙලේ හෝල්ට් එකේ ආච්චි කෙනක් ඉන්නවා බස් එකක් එනකම් බලාගෙන.දඩබ්බරිගේ අවධානය ගන්න ඒ ආච්චිට පුළුවන් උනේ එයාටත් වඩා ලොකු බෑග් මලු දෙකක් අත් දෙකෙන් අරගෙන බොහොම අපහසුවෙන් දාඩිය පෙරාගෙන කලබලෙන් වගේ හිටපු නිසා.ඒ වගේම එය ඇදන් හිටියේ කිළුටු ඇදුම්.
කොහොම හරි ඒ ආච්චි එතනින් ගියපු හැම බස් එකටම වගේ අත දික් කළා නවත්ත ගන්න..ඒත් ඒ කිසිම බස් එකක් අපි හිටපු තැන නතර කලේ නැහැ..ඒ මොකද මන්ද කියල දඩබ්බරිටත් හිතුනා.අර ආච්චි පාරට යනවා අයෙත් හෝල්ට් එකට එනවා..ඒ මදිවට ඇවිදින්නෙත් කොර ගගහ.
ටිකින් බස් එකක් නවත්තන්න වගේ ස්ලෝව් කලා.

"මේකෙන් කොටුවට යන්න පුලුවන්ද?"ආච්චි ඇහුවා
"බෑ බෑ මේකේ බෑ..වෙන එකක යන්න.."කොන්ද "යමු යමු" කියල කෑ ගැහුවා..
ඒත් ඒක 138 කොටුව බස් එකක්.
ඒ බස් එකත් ගියා..මේ විදියට බස් කිපයක්ම ආච්චිට නතර කලේ නැහැ.

"මේ කිසිම එකෙක් මට යන්න බස් එක නතර කරන්නේ නැහැනේ.."

ආච්චි එහෙම තනියම එයාටම කියා ගන්නවා දඩබ්බරිට ඇහුන.මෙන්න ඒ වෙලාවේ තමයි දඩබ්බරි ආච්චිගේ මුණ හරියටම දැක්කේ...එයාගේ එක ඇහැක සම්පුර්ණයෙන් වගේ සුද ඇවිත්.අනිත් ඇහෙත් ලාවට වගේ එහෙමයි.එයාට ටිකක් පේනවා මදි ඇති කියල දඩබ්බරිට හිතුන.
පව් දැන් විනාඩි විස්සක් තිස්සේ ඒ ආච්චි බස් එකක් නතර කර ගන්න බලනවා..
මේක හරියන්නෑ මොන හරි කරන්න ඕනි කියල හිතල දඩබ්බරි ආච්චිට කිට්ටු උනා.එතකොටම වගේ දදබ්බරිට අපුරු හදුන්කූරු සුවදක් ආවා..නිකමට වගේ හිතුන අර බෑග් පුරවල ඇත්තේ හදුන්කූරු වලින් කියල..එය සමහරවිට හදුන්කුරු බිස්නස් එකක් කරනවා ඇතිත් කියල දඩබ්බරිට හිතුණා.

"ආච්චිට කොහෙටද යන්න ඕනි?" දඩබ්බරි එහෙම ඇහුවා.

"පුතේ මට කොටුවටයි යන්න ඕනි" මලා.... දඩබ්බරිව ආච්චිට පුතෙක් හැටියට පෙනුනද මන්ද.හිකිස්‌!

"එකෙක්වත් මට නගින්න බස් එක නවත්තන්න පුතේ.දැන් හොදටම හවස වෙලා.මම කොටුවේ හදුන්කුරු විකුණනවා"
එහෙනම් දඩබ්බරි හිතපු දේ හරි....
"එන්න මං ආච්චිව බස් එකට නග්ගන්නම්" ලියල අපේ දෙන්නම හෝල්ට් ඒකෙන් එලියට ආවා.
ආච්චි ගාව බස් එකේ යන්න සල්ලි තියෙනවද දන්නෑ.දඩබ්බරිට එහෙමත් හිතුණා.

"ආච්චි ගාව බස් එකේ යන්න සල්ලි තියෙනවද?"

"ඔව් පුතේ මං ගාව සල්ලි තියෙනව"



එතකොටම මෙන්න  බැබලි බැබලි 138ක් එනවා.
දඩබ්බරි අත දැම්ම විතරයි දඩාස් ගාල බස් එක නැවැත්තුව.
.දඩබ්බරි ආච්චිගේ අතින් අල්ලලා බස් එකට නැග්ගුව..හොද වෙලාවට බස් එකේ වැඩිය සෙනග නැහැ..
නගින තැනම ඉදගන්න පුළුවන් උනා..

"පුතාට දෙයියන්ගේම පිහිටයි.පුතා බුදුන් දැකලා නිවන් යන්න ඕනි.."


දඩබ්බරි බස් එකෙන් බහින්න හදනකොට ආච්චි මේ වචන ටික කිව්වා.ඇත්තටම ඒ වෙලාවේ දඩබ්බරිට හිතුනේ කවද නිවන් යන්න වෙයිද කියල..

වැඩිය මොකුත් හිතන්න උනේ නැහැ ඒ වෙලාවේම දඩබ්බරිගේ බස් එකත් ආවා..

ප.ලි : ඇත්තටම ඒ ආච්චිට බස් එක නවත්තන්න නැතුව ඇත්තේ මොකද?කිළුටු අදුම් ඇදල හිටපු නිසාද?මොනවා උනත් ඒත් මනුස්සයෙක් නේද?බස් තියෙන්න සමස්ත මගීන්ට යන්න මිසක් තෝරා බේරා ගත්ත අයට යන්න නෙමෙයිනේ,ඇත්තටම ඒ ආච්චි කපටියෙක් නම් දඩබ්බරි සල්ලි තියෙනවද අහපු වෙලේ නැහැ කියල කියක් හරි කඩා ගන්න තිබ්බනේ..ඒත් එයා එහෙම කලෙත් නැහැ.අසරණයෙක් කියල දැන දැනත් බස් කාරයෝ ආච්චිව පාරේ රස්තියාදු කළා..ඇත්තටම මිනිහෙක් තවත් මිනිහෙක්ට සලකන්නේ අදින ඇදුම් වලින්ද?

11 comments:

  1. සහෝදරී !!! ඔබට මගේ ආචාරය !!! ඇත්තටම කෙල්ලෙක් වෙලත් ඒ වගේ වැඩක් ඔයා කරපු එකට පිරිමි අපි ලැජ්ජ වෙන්න ඕනෙ. හොඳ වැඩක් කරන්න නැකත් බලන්න ඕනෙ නෑ. ඇත්තටම මාර ආඩම්බරයක් ආවා. ඔය වගේ ආච්චි අම්මා කෙනෙක් ඇඟේ ගෑවුනොත් ‘චීයා...‘ කියලා රවාගෙන යන කෙල්ලෝ ඉන්න රටේ, ඔයා නියම මනුස්ස දුවක්... ආයෙත්... ආචාරය !!!

    ReplyDelete
  2. ගොඩාක් බස් කොන්දස්තරලා හිතන් ඉන්නෙ උන් කවදාවත් වයසට යන්නෙ නෑ කියලා ඒ නිසයි ඔහොම වෙන්නෙ........ ! උන්දලාට තේරෙන දවසක් එනවා .

    කොහොම උනත් නිවන් යන්න පින් ටික ටික එකතු කලාම හොදයි .....
    මේ නගා මෙන්න මේ Word verification මගුල අයින් කොරමුද

    ReplyDelete
  3. ඔය වගේ වැඩ එලොවටත් මෙලොවටත් දෙකටම පින් සිදු වෙන වැඩ. අපිට සල්ලි අවශ්‍ය වෙන්නේ නෑ පින් කරන්න, පොඩ්ඩක් හිතුවොත් මේවගේ දේවල් එමටයි.
    දඩබ්බර වෙන්නේ නැතුව Word verification අයින් කරන්න

    ReplyDelete
  4. මට අක්කියා ගැන ගොඩක් ආඩම්බරයි මගේ අක්කියෝ..

    ReplyDelete
  5. මටත් කියන්න තියෙන්නෙ චතුරංග පෙරේරා කියල තියෙන දේම තමා... ඇත්තටම ඔයා නියම මනුස්ස දුවක් නංගි...


    (අර All in one කියල තියෙනවා වගේ Word verification ඉවත් කළොත් කමෙන්ට් කරන අයට ගොඩක් ලොකු පහසුවක් වෙයි

    ඒක කරන විදිහ වැදගත් වෙයි කියල හිතන නිසා මෙතනම දාලා යන්නං

    Blogger Dashboard >>> Settings >>> Comments කියන ටැබ් එකට ගිහිල්ලා ඒ යටතේ පහළින් ම තියෙන
    Show word verification for comments? කියන තැනට ඉස්සරහින් තියෙන Option button දෙකෙන් No කියන එක සිලෙක්ට් කරන්න... මතක ඇතුව පහළින් තියෙන Save
    Settings බොත්තම උඩත් එක පාරක් ක්ලික් කරන්න...

    ඇනෝනිමස් කමෙන්ට්ස් කරදරයක් වෙයි කියල හිතෙනවා නම් එතැනම දෙවැනියට තියෙන Who Can Comment? කියන තැනින් අවශ්‍ය සැකසුම් කරන්න පුළුවන්... )

    ReplyDelete
  6. යහපත් ක්‍රියාවක්.. යහපත් සිතුවිල්ලක්! ප්‍රතිඵලත් යහපත් මැයි

    ReplyDelete
  7. බොහොම ස්තුතියි comment කරපු හැමෝටම...මට ඇත්තටම මේ පොස්ට් ඒකෙන් කියන්න උනේ මිනිහෙක්ට තව මිනිහෙක් වෙනුවෙන් පුංචිම හරි උදව්වක් කරන්න නවතින්න හිතෙන්නේ නැති හැටි ගැන කියන්නයි...


    @sansarasidu: ඔයාට ගොඩාක් ස්තුතියි...මම ඇත්තටම Word verification අයින් කරන හැටි දැනගෙන හිටියේ නැහැ...ඔන්න දැන් කාටවත් කිසි කරදරයක් නැතිව දඩබ්බරිට කොමෙන්ටුවක් දාන්න පුළුවන්,sansarasiduට පින් සිද්ද වෙන්න....

    ReplyDelete
  8. ඒක සුළු දෙයක් ! මමත් බ්ලොග් ලියන එක පටන්ගත්ත කාලේ ඒක කරන හැටි තියා එහෙම එකක් තියෙනවා කියලවත් දැනගෙන හිටියේ නැහැ... මටත් ඒක කියල දුන්නෙ මේ බ්ලොග් අවකාශයෙම සහෘදයෙක් තමා... ඒක තව කෙනෙකුට කියල දෙන්න ලැබීම සතුටක් !

    ReplyDelete
  9. හොදයි නියමයි ,,,,, තව ලියමු ...

    ReplyDelete
  10. දඩබ්බරීට මාගේ අචාරය !!

    ReplyDelete
  11. මං අද තමයි ඉස්සෙල්ලම ඔයාගේ බ්ලොග් එකට ආවේ.පළවෙනියෙන්ම කියපු බ්ලොග් එක හරි සංවේදී සහෝදරි. ඔයා වගේ අයට කවදාවත් වරදින්නේ නෑ ජය වේවා !

    ReplyDelete