සියපතක පෙති
එකින් එක විද ලු,
සිහිනයක පැටලි රූ
දසුන් මත සිඳ ලූ,
අදුර රැඳී උඩු වියන්
මනස් දොළ පිර වූ,
තුගු සිරින් මන් මත්ව
හද තුටින් කැළඹු,
විඩාපත් නෙත් යුග
සෙමි සෙමින් පිය වූ,
තොල් අගට මීවිතෙන්
බිඳෙන් බිඳ පැමිණු,
නුඹ සමග සෙනෙහසින්
හදින් හද තැවරූ,
දහවලින් රැයක් ගෙන
දහවලම සැනසූ,
මායිමක් නොදැන සිට
මායිමේ දුර සෙවූ,
මා නුඹේ
නුඹ මගේ
නොවුණු දින ඇරඹු.....


.jpg)
.jpg)
