ගී රාව මුමුණවා
ඇස් ගාව හැංගිලා
කළුවරත් බෝ උණා..
තරු කැටත් හිනැහුණා
සඳ සාවී ඉඟිකළා
නුඹේ හුස්ම කිතිකවා
තව නුඹට ලං උනා..
රෑ අඳුර තුළ පිපී
පරවුනා මල් යළි
ප්‍රේමයේ සොඳුරු හැඩ
ගැලපුනා හරි හරී..
අඩවන්ව පියවුනී
නෙත් සරින් කැළබුණි
මුඳු රෝස මල් පෙත්ත
හිරිකඩට තෙත් වුණි..
කළුම කළු කළුවරට
කිටි කිටියේ තද වෙවී
සංසාර සාගරය
තොල ග ගා රස සෙවී..
දෙව්ලොවක විලසිනා
සඳ එලිය වෑහුණි
තරු එලිය පා වෙලා
ආදරය මගෙ වුණි..
Lassanai.... :)
ReplyDeleteලස්සනයි..ආදරය නුඹේ උනානම් එතනම ඇති නොවැ..මල් පෙත්තකට සමකල යමක් හැර..
ReplyDeleteහරිම ලස්සනයි... අමුතුම හැඟීමක්. පින්තූරයත් එක්ක බලත්දි කවිය තවත් හැඩවෙනවා වගෙයි මට නම් පේන්නෙ.
ReplyDelete@ Sandun Lakshitha : හා හා පුර කියල ඔබ තුමාගෙන් වැටුන කොමෙන්ටුවට පින් සිද්ද වෙච්චාවේ.... :P
ReplyDelete@ විජඉදු : හ්ම්ම්... ඒත් එතනින් එහාට තමයි වැඩේ සංකීර්ණ වෙන්නේ..
@ හංසි : මං හිතේ පින්තුරයක් ඇදගෙන තමයි මේක ලිව්වේ..ඒ පින්තුරේම මට හොයා ගන්න බැරි උනත් මේක ගොඩක් සමානයි ඒකට..
බොහොම ස්තුතියි හංසි..
@ දඩබ්බරී : Mama kalin ekatath comment kala....
ReplyDeleteහරිම ලස්සනයි..!!! හුගාක් ලස්සනට ගලපලා තියනවා...
ReplyDelete@ හිතුවක්කාරි : හ්ම්ම්...බොහොම ස්තුතියි යාලුවා
ReplyDelete