දඩබ්බරිත් පොතක් අතට ගත්ත ගමන ඕකම තමයි කරන්නේ..හිකිස්..
එතකොට අවසාන හිස් පිටු දෙකේ සරසවියේ අපේ සහෝදරයෙක් හරි සහෝදරියෙක් හරි සංවේදී එයාගේ කතාව ලියල තිබුන..දඩබ්බරි පොත කියවන එක පැත්තකින් තියල ඉස්සර වෙලාම කියෙව්වේ එයා ලියල තිබුන දේ..
ඉතින් සරසවියේ ඒ සහෝදරිගේ/සහෝදරයාගේ කතාව මෙහෙම ඔයාලට නිකමට වගේ කියන්න දඩබ්බරිට හිතුන..
ඊට කලින් පොත ගැනත් කියන්න එපැයි නේද?
මේ පොතේ සිංහල පරිවර්තනයේ නම තමයි " අපි දෙන්නම අසරණයි තාත්තේ" (Mummy Daddy & Me). වැඩිහිටියන් උදෙසා ළමයින් විසින් කරන නිර්මාණ 40 ක් තමයි පොතේ අන්තර්ගතය.
ළමයාගේ දෑසින් තමන්ගේ මව හෝ පියා පිළිබද දකින නියම ස්වරුපය ඉස්මතු කොට ලියවුනු රචනා එකතුවක් තමයි අඩංගු වෙලා තිබුනේ...
දැන් ඉදන් ලියවෙන්නේ සරසවියේ අපේ සහෝදරිගේ/සහෝදරයාගේ කතාව......!
" ආදරණිය අම්මේ තාත්තේ,
ළමා මනස හැමදාම ආදරය සොයයි. ළමා කාලය පමණක්ම නොව වැඩිහිටි අවදියද මව්පිය සෙනෙහස හැමදාම ඉල්ලයි. තේරුම් ගන්න හැමදෙනාගේම රුචි අරුචිකම්.
හැම වේදනාවක්ම අම්මා යන වචනයෙන්ම නිවෙන බව අම්මා තේරුම් ගන්න. නුහුරු අනාරක්ෂිත බව නැතිවෙන්නේ තාත්තෙ ඔබෙන්. ඒ රැකවරණය සොයා බැලීම නොඅඩුව දෙන්න. ආරුඪ කරගත් මහා ලොකු වීරත්වයක්වත් දරදඩු පාලකයෙක්වත් නොවී හැමදාම මගේ ආදරණිය තාත්ත වෙන්න.
ඔබ නොහිතාම අපෙන් ඈත් වෙන්නේ ජිවිතයට හුගක් බලපෑම් කරලයි. පැහැදිලිව නොපෙනුනත් ළමා ලෝකයෙන් තරුණ අවධියට එද්දී ආකල්ප ක්‍රියා පිළිවෙත හැමදේම ඔබේ ආදරය මතම රඳා පවතී. ඒ ආදරය රැකවරණය නැතිවෙනකොට නොසිතන නොපතන විදියට හදවත ටිකෙන් ටික කඩා වැටෙනවා. ආත්ම විශ්වාසය නැති වෙනවා. ඔයාලට තේරෙන්නේ නෑ. තේරුම් කරලා දෙන්නත් බෑ. වැඩිහිටි වූ පමණින්ම හැමදෙයක්ම තේරෙන්නේ නෑ. චුට්ටක්වත් සවන් දෙන්න. කරදඩු උස්මහත් වූ පමණින්ම ලෝකයට අතඇරලා දාන්න එපා. විසදගන්න බැරි කියාගන්න බැරි ප්‍රශ්න ගොඩක් තියෙනවා.ආදරයෙන් ඇහුම්කන් දෙන්න. විසදුමක් ඔබළඟ තියෙනව. සත්තයි.
මම දන්නවා වෙන වෙනම ගත්තොත් ඔය දෙන්නම සාධාරණයි. ඒත් අපි ජිවත් වෙන්නේ එකට.ඒක මුළු හදවතින්ම බැඳී පවතින බැඳීමක්.නීතියෙන් වෙන් නොවුනට හදවතින් වෙන් වෙලා ඉන්න එපා. ඒ වෙලාවට මට හිතෙන්නේ ඇයි තාත්තේ අම්මගෙන් Divose නොවුනේ කියලා.එහෙම හිතන්න ඉඩ තියන්න එපා.පුංචි හරි පරිත්‍යාගයක් කරන්න. තව කෙනෙක් වෙනුවෙන්. අපි පිටට පෙන්න විතරක් හිනාවෙනවා. ඇයි අපි හදවතින්ම හිනා නොවෙන්නේ. හදවතින්ම ආදරය නොකරන්නේ. එකම එක දවසක් එහෙම ඉමු. එදාට මට මුළු ලෝකයම ලැබුන වගේ දැනේවි.
මම හුගක් දේවල් ඉල්ලන්නේ නෑ. අපේ ගෙදර අපි සතුටින් ඉමු. මට හුරතල් වෙන්න ඕනි නෑ.ඒත් හිතට දැනෙන්න ඕනි ඔයාව. "
මෙන්න මේකයි කතන්දරේ.ඉස්පිල්ල පාපිල්ලක් අඩු නැතුව ලිව්වා.
අනේ මන්ද කියන්න දෙයක් හිතා ගන්න බැහැ.ඔයාලට මොකද හිතෙන්නේ මේ ගැන???
ලිව්ව් කෙනා හැම අකුරක් ගානෙම අඩා වැටිලා තියෙනවා කියල නම් මට හිතෙනවා..
හරිම දුකින් ලියලා තියෙන්නෙ. ඒ වගේම ඇත්ත කියලා තියෙන්නෙ. පව් ඒ සහෝදරයා හරි සහෝදරිය.
ReplyDeleteකාලෙකින් කියවපු නියම පෝස්ට් එක්ක (y)
ReplyDelete