ආව ගිය මල් පාර
ඇවිද ගිය ඒ කාලේ
සිහිවේද යලි නුඹට
මුලා කර මගේ පෙම
සිනාසුනු අන්දම්...
කහ පාට මල් පිපුණු
අව් වැස්ස නොම ගේපු
ඒ විසල් රුක කොතැන
මියැදී ලෙස පෙම
මියැදී ගිහින්මද...?
වෙන් වෙලා දුර ඇදුනු
මං බෝම පෙම් කරපු
නුඹේ රුව අත වනන
සිතුවමක් ඇත මං ගාව...
අපි එක්ක ගී කිව්ව
විහඟ කැල අද නොමැත
පියාඹා ගිහින්මද
නොඑන ලෙස නුඹ වගෙම...?
කෑලි කැපිය හැකි තනිකම
තුරුළු කරන් මං මහ මග
මල් පාරෙන් සමු ගත්තා
නුඹව මතකෙ රන්දගන්න
ආයෙත් එහි ඇවිත් යන්න....
තනිකමයි නිරතුරුව
ReplyDeleteකඳුලු වැල් ලඟ ඉන්න
හඬන්නට වුවත් කම් නැත
ඔබේ උරහිස හිස තියාන..
ලග ඉන්න
ReplyDeleteඉඩ දෙන්න
බැරි උනත්
ඔය හිතට
ආසයිලු මං ඉන්න
දුර ඉදන්
දැක ගන්න
වෑව් ඉවුරේ දිය රෑළ පෙරසේම බිදේනවා...
ReplyDeleteනුග ගස් පෙළ අප නෑතුවත් තව දලුලනවා...
සරසවි බිම කදු රෑල්ලෙන් එතෙර පෙනේනවා...
ඔබත් එක්ක අයෙත් එහේ යන්න හිතෙනවා....
@ Sandun : මං ආසම සින්දුවක්...
ReplyDelete