මේ පොස්ට් එකේ නම මේ කියන්න යන දේට හරියට ගැලපෙනවද කියන්න දන්නේ නැහැ. හරි.... කමක් නැහැ මේ කියන්න යන්නේ දඩබ්බරි මේ ලගදි කියවපු පොතක දකින්න ලැබුන දෙයක් ගැන.සරසවියේ පුස්තකාලයෙන් දඩබ්බරිගේ යාලුවෙක් ගත්ත පොතක් අහම්බෙන් දඩබ්බරි අතටත් ආවා..පොතක් අතට අරන් අපි හැමෝම නිකමට වගේ එස්සර වෙලාම කියවන්න කලින් පෙරලලා බලනවනේ..
දඩබ්බරිත් පොතක් අතට ගත්ත ගමන ඕකම තමයි කරන්නේ..හිකිස්..
එතකොට අවසාන හිස් පිටු දෙකේ සරසවියේ අපේ සහෝදරයෙක් හරි සහෝදරියෙක් හරි සංවේදී එයාගේ කතාව ලියල තිබුන..දඩබ්බරි පොත කියවන එක පැත්තකින් තියල ඉස්සර වෙලාම කියෙව්වේ එයා ලියල තිබුන දේ..
ඉතින් සරසවියේ ඒ සහෝදරිගේ/සහෝදරයාගේ කතාව මෙහෙම ඔයාලට නිකමට වගේ කියන්න දඩබ්බරිට හිතුන..
ඊට කලින් පොත ගැනත් කියන්න එපැයි නේද?
මේ පොතේ සිංහල පරිවර්තනයේ නම තමයි " අපි දෙන්නම අසරණයි තාත්තේ" (Mummy Daddy & Me). වැඩිහිටියන් උදෙසා ළමයින් විසින් කරන නිර්මාණ 40 ක් තමයි පොතේ අන්තර්ගතය.
ළමයාගේ දෑසින් තමන්ගේ මව හෝ පියා පිළිබද දකින නියම ස්වරුපය ඉස්මතු කොට ලියවුනු රචනා එකතුවක් තමයි අඩංගු වෙලා තිබුනේ...
දැන් ඉදන් ලියවෙන්නේ සරසවියේ අපේ සහෝදරිගේ/සහෝදරයාගේ කතාව......!
" ආදරණිය අම්මේ තාත්තේ,
ළමා මනස හැමදාම ආදරය සොයයි. ළමා කාලය පමණක්ම නොව වැඩිහිටි අවදියද මව්පිය සෙනෙහස හැමදාම ඉල්ලයි. තේරුම් ගන්න හැමදෙනාගේම රුචි අරුචිකම්.
මවක් යනු දැඩි හදවතක් නොව මෘදු හදවතකි.විවහාරයට නොව හදවතින්ම අම්මා කිව හැකි අම්මා කෙනෙක් වෙන්න.