සිතේ හැපි හැපි
මගේ කෙහෙරැළි
රඟනවා මතකය සොයා...
එදා කෙහෙරැළි
වලකවා නුඹ
සැනසුවා නෙත් යුග වසා...
සරසවිය තරමට
තෙවසරක මතකය
සිහිවුණා අද
සිහින් සිහිලැලි දුක වසා...
වැව් ඉවුර හෙවනයි
එදා වාගෙම
සොඳුරු රූ
ඇදෙනවා එහි නුඹ නිසා...
හෙවන යට හිඳ
අපේ සෙවනැළි
වනනවා අත
තනියෙන්මදැ'යි අසා...
හරිමි දියකර
අතීතය මං
මගෙම විතරක්
නොවෙන හින්දා....
ලස්සන අදහසක්...
ReplyDeletemaxxa........!!
ReplyDeleteNice Photograph...
ReplyDeleteලස්සනයි
ReplyDelete@ Dinesh : හැමදාම වාගේ වචනෙකින් හරි දිරිමත් කරනවට ස්තුති අයියේ...
ReplyDelete@ Mahesh : thnk u bro..
@ Gordonia ceylanica : i think so,dz z a google image ;)
@ ප්‍රාර්ථනා : ස්තුතියි සහෝ...