අපට ඉඩ මදි වුණා..!
තරු වලට එහා සිට
ඇත වැනුවෙ මං නුඹට
සඳ එලිය දිගේ සිට
හෙමි හෙමින් ලතාවට...
සුදු පෙනැති වලාකුළු
හරි හෙමින් පා වුණා
නුඹේ ළඟ දග කරන
කාලේ තව වැඩි වුණා...
මද පවන රග දෙනා
තාලේ තව රළු වුණා
උණුසුම්ම සුසුම් වැල්
සීතලට ගල් වුණා...
පොලෝ ගැබ ගිනි අරන්
අපට ඉඩ මදි වුණා
ලොවේ සැනසුම සොයන්
ස්වර්ගයට අපි පියැබුවා...
"සුදු පෙනැති වලාකුළු
ReplyDeleteහරි හෙමින් පා වුණා
නුඹේ ළඟ දග කරන
කාලේ තව වැඩි වුණා.."
ලස්සනයි!!! හරිම දඩබ්බර කවි ටිකක්... අපූරුයි දඩබ්බරී....
ජය වේවා!!
එච්චරටම දඩබ්බරද හිතුවක්කාරියේ...?
ReplyDeleteහිකිස්.
බොහොම ස්තුති සහෝ..!
අපූරුයි.. දඩබ්බර කමට ලිය උනත් ආදරය හොදින්ම තියෙනවා..
ReplyDelete@ Dinesh : දඩබ්බර උනාට දඩබ්බරිත් හොදට ආදරේ කරන්න දන්නවෝ..... :P :D
ReplyDeleteලස්සන කවි පෙළක් යාළුවා......:)
ReplyDelete