සයිබරයේ දඩබ්බරීගේ බ්ලොග් අවකාශය.. I Belive I Can Fly... I Belive I Can Touch The Sky...
Friday, August 26, 2011
රදළ සැමියෙකුට එරෙහිව
දඩබ්බරි මේ ලගදි කියවපු පොතක් තමයි මේ තියෙන්නේ.සමහරවිට ඔයාල මේ පොත කියවලත් ඇති.නැතුවත් ඇති.නොකියවපු අයට කියවන්න තරම් වටිනා පොතක්.පුරුෂාධිපත්‍යයට එරෙහිව නැගී සිටි මුස්ලිම් කාන්තාවකගේ සත්‍යය කතාවක් තමයි මේක.
දඩබ්බරි කියෙව්වෙ නම් සිංහල පරිවර්තනය...
වසර 13ක් තමන්ගේ පවුල රැකගන්න නිහඬව ඉදල Tehmina Durrani අන්තිමට තමන්ගේ කතාව අලලා මේ පොත ලියනවා.ඇය වින්ද වද වේදනා දඩබ්බරිව සලිත කරපු නිසා පද වැල් දෙක තුනක් මෙහෙම ලියවුනා....
" ආදරය වයිරය
සම සමව කැටි කර
ජීවිතය පදම් කර
බියකරුම සිහිනෙක
දවටවා මගේ ලොවම
දරාගත් නිහඬවම
විළි වැසූ සිංහ නිරුවත....
කුටුම්බය නිසා මම
මහා මෙරක් දුක කන්ද
ඉසිලූ ඒ තෙලෙස් වස
නිහඬ කර සියොලඟම
දවා ගිය සැඩ ගින්න
තවත් වෙර නැහැ
නිහඬ කරනට....
ආගමෙන් දෑස් බැඳ
පර්දාව පිටුපසට කර
ගැහැණු යදමින් බැඳ
කරන නොපහත්කම්
මෑත් කර කළු සේල
නගා හඬ උස්ව
ලොවක් අභිමුව කියාලන්නට
වසත් කාලය
පැමිණ දැන් ඇත.... "
Subscribe to:
Post Comments (Atom)
mmmm... කියවලා බලන්න ඕන පොත.. අක්කා කිව්වා නම් ඉතින් හොද පොතක්ම තමයි :D
ReplyDeleteඅනිවා කියවන්න හොදේ.. හ්ක්ස් මං කියන හැම පොතක්ම බලල අමාරුවේ වැටෙන්න එපා මල්ලියෝ..
ReplyDelete