මට බර වැඩි මගේ කඳුළු
ඈත ඈත ආකාසේ
මට බර වැඩි මගේ කඳුළු
සගවන්නම් නොපෙනෙන සේ
අහස කුස කළු කරගෙන
මහ වරුසා වැටෙනකම්...
නුඹ වෙනුවෙන් ළයේ නැගුනු
හැම රැයකම හෙලු සුසුම්
නොපෙනි ඉමට ගෙනියන්නම්
මහ පොලොව වසාගෙන
සුළි සුළගක් වී හමනකම්...
කෑ ගසා නොහැඩුවත්
මා මුවින් ඔබේ ළඟ
රිදුම් දෙන හදවත
කෑ ගසා හැඩු හඬ
වසාගෙන සිටින්නම්
විදුලි හඬ වී විශ්වයම
ගුගුරුවා යනකම්...
ලස්සනයි දඩබ්බරී!
ReplyDeleteබොහොම ස්තුතියි විසිතුරු....
ReplyDeleteඈත ඈත ආකාසේ
ReplyDeleteමට බර වැඩි මගේ කඳුළු
සගවන්නම් නොපෙනෙන සේ
අහස කුස කළු කරගෙන
මහ වරුසා වැටෙනකම්...
මං ආසම කවිය මේ.. ලස්සනයි හුගාක්.. දඩබ්බරී දිගටම ලියන්න..:)ජය
ගොඩාක් ලස්සනයි අක්කෝ..
ReplyDelete@ හිතුවක්කාරි : බොහොම ස්තුතියි ඔයාට.. මාත් ආසම ඒ පද ටිකට..
ReplyDeleteඔයාල මේ විදියට දඩබ්බරිත් එක්ක හිටියොත් අනිවා දිගටම ලියවේවි.
@ Mandi: තැන්කූ වේවා මල්ලියෝ....