සියපතක පෙති
එකින් එක විද ලු,
සිහිනයක පැටලි රූ
දසුන් මත සිඳ ලූ,
අදුර රැඳී උඩු වියන්
මනස් දොළ පිර වූ,
තුගු සිරින් මන් මත්ව
හද තුටින් කැළඹු,
විඩාපත් නෙත් යුග
සෙමි සෙමින් පිය වූ,
තොල් අගට මීවිතෙන්
බිඳෙන් බිඳ පැමිණු,
නුඹ සමග සෙනෙහසින්
හදින් හද තැවරූ,
දහවලින් රැයක් ගෙන
දහවලම සැනසූ,
මායිමක් නොදැන සිට
මායිමේ දුර සෙවූ,
මා නුඹේ
නුඹ මගේ
නොවුණු දින ඇරඹු.....
තේරුම් ගන්න නම් අමාරුයි...
ReplyDeleteඑච්චරම අමාරුද තේරුම අල්ල ගන්න? :(
Deleteඒ කියන්නේ මම හරියට ලියල නැහැ.. :P
ඉතිරි නොවුණි..
ReplyDelete:( දුක තමයි
Deleteතේරුනා මදි වගේ..
ReplyDelete"දහවලින් රැයක් ගෙන
දහවලම සැනසූ" කිව්වෙ??
මෙහි සම්මතය විදියට ගත්තේ රාත්‍රිය..නමුත් මේ සිදුවීම සිද්ද වෙන්නේ දවල් කාලේ නිසයි එහෙම කිව්වේ සහෝ .. :)
Delete