මිතුරු කමට ඇරයුම් ගෙනෙන පොලඟුන්
නැවතුමක් ගැන
සිතා ගන්නට
තොටුපලක් නැති
විල් තෙරේ,
හබලකට වාරු ගෙන
ඔරුව පැද යමි
හිතු මතේ....
වැව් දියට නැමී
අරලියා මල්
හිනැහෙමින් අත වනා,
මිතුරු කමකට
ඇරයුම් ගෙනෙයි
මග දිගට ඇස් ගස ගසා....
අතු අගිස්සේ
රවන පොලඟුන්
දෙස බලා,
දිගු කරන අත
ගුලි කරන්නෙමි
සිතට බිය වැඩි නිසා.....
හොද අර්ථයක් තියෙන කවියක්..
ReplyDeleteඔව් සැගවුණු දෙයක් තියෙනවා..
Deleteඉස්සර වගේම ඔබතුමා මේ පැත්තේ ඇවිත් යන එකට ගොඩක් සන්තෝසයි...
රවන පොලඟුන් රැසක් අතරේ
ReplyDeleteඔබම වෙනුවෙන් සිටින නිතරේ
එක අයෙක් ඇති පතපු සසරේ
හමුවෙනා තුරු හිඳින් මිතුරේ
දබ්බරයා සෑහෙන කාලෙකින් දැක්කේ....
Delete