මනමේ කුමරිය මං ලඳ බොළඳ
පියතුමගෙන් මිදි සැමියා සමග
කුලගෙට පිවිස ඔහු ගෙය යන ගමන..
පෙම් සිත නලියන පෙම් බස් තෙපලුවද නිතර
නොහදුන බිය දුකකි සිත වෙව්ලුම් කෑවේ..
මල් ගොමු,ලතා මණ්ඩප ගෙන දුන්නත් මිහිර
වනයේ මලක උව සුව වින්දේ මං බියෙන
වෙව්ලන මා අතැගිලි පහස
නොදැනුනේ කුමරුනි නුඹ සතුටෙන් හන්දා ද..
මා හන්දා ඔබ නිකරුනේ සටනට වැදුනේ
නුඹ ගැන බියෙන් මගේ හදවත මොහොතක නතර වුනේ
නුඹේ ජය මිසක අන් කිසිවක් නැත පැතුවේ
මගෙ බස් ඇසුමට ගිහින් මරුමුව වැටුනේ..
සිතේ සතුට වැඩි වේලා නොරැදුනේ
මා මනසින් සිහි විකලට වැටුනේ
වනයේ ගොර හැඩි කමට
බියගුළු සිත තව චංචල වුයේ..
රැකවරණක් කොහිද කුමරුනි
මට නුඹ නැති දාක..
වනයේ ගොර සතුන් මා දැන් දැන්
මස් කරතියි සිතුනේ..
ඒ හන්දා වැදි රජු නිසා මා දිවි
රැක ගැනුමට පමණයි සිතුවේ..
චපල කමට උපමා නොව
මා
ගෙන ආවේ..
ගහගෙන යන සැඩ සුළගක පවා
තුත්තිරි ගසක වුව සෙවනයි අප සැම ඉල්ලන්නේ..
අසරණ කමට ගැහැනියක කල කි දේ
නිසාමද මෙතරම් මං ගැරහුම් ලද්දේ..?
ඔව් ඔව් ඒ නිසා :3
ReplyDeleteම්ම්ම්.... දිග උත්තරයක් දෙන්න හිතෙනවා,, බලමු.
ReplyDeleteවෙලාවක් තිබ්බොත් දෙන්නම්..
වෙනස් කවියක්...ලස්සනයි
( වෙනද ඒවාට වඩා තේරුම් ගන්න ලේසියි මට නම්,, හික්ස්,,,)