වන්දනීයයි මිතු දමින් බැඳි
දෙවොල අබියස පහන් සිල්.,
විශ්වයේ මා තනි නොවන වග
ශපත කෙරුවා මා මතින්..
කඳුල සිනහව සැමට කලියෙන්
නුඹ ඇවිත් මගේ ලඟට සෙනෙහෙන්
අපි අපේ ළඟ හිටිය මතකද
වසර ගණනක දිගු අතීතෙක..
නුඹට මා කවුරුන්ද වග නම්
අමතකද සොයුරිය ඉතින් අද,
ජිවිතේ ළඟ පෙම් කතන්දර
ලියා බෝ කල් ගෙවී තිබුනත්
මං නුඹේ කවුරුත්ම නොවන බව
මතක් කෙරුවා හරි හෙමින්...
පෙම්වත් සිත ළඟ
අමතක මිතු දම්
දෙනෙතින් ගැලුවා
නුඹ නොදනියි..
හදවත ගැහෙනා
රිද්මය අතරේ
මං නුඹ හෙව්වා
මිතුදම් හෙව්වා
වැලදගන්නට
පෙර ලෙසින්...
විශ්වාසා පරමා ඥාති
ReplyDeleteඅන්න වැකිය ....
ReplyDelete