දඩබ්බරි මීට සති තුනකට
විතර ගාල්ලේ පැත්තේ යාලුවෙක්ගෙ ගෙදර ගියා. මේ කියන්න යන සිද්දිය උනේ ඒ ගිහින් එන
ගමන්. මාපලාන හරියේදී බස් එකට අවරුදු 18ක විතර මල්ලි කෙනෙක් නැගලා හෝ ගාල කොළ
වගයක් බෙදාගෙන බෙදාගෙන ගියා. දඩබ්බරිටත් කොලයක් හම්බුනා.. ඒකෙ ලියල තිබුනේ එයාගේ
අම්ම කුලී වැඩ කරනවා ඒ පඩියෙන් ඉස්කෝලේ යන මල්ලිලා දෙන්නටයි එයාටයි ජිවත් වෙන්න මදි නිසා මේ විදියට බස් වලට නැගලා
3G Card විකුනනවා කියලා.. 3G Card එකක
උවමනාවක් නැති නිසාවෙන් දඩබ්බරි යාළුවෙකුයි Rs 10ක් දුන්නා..
හොදම සීන් එක උනේ ඊට
පස්සේ. කරාපිටිය Medical facultyයට මෙහායින් ඉස්සෙල්ල නැගපු මල්ලිගේ වයසේ තව කොල්ලෙක් නැගල
කොළ වගයක් බෙදනවා.. දඩබ්බරිට කොලයක් හම්බ උනේ නැහැ. මොකද එක යාලුවෙක් මී හරකෙක්
වගේ දඩබ්බරිගේ උකුලේ සැතපීගෙන ආපු නිසා..
දඩබ්බරි ලග හිටපු ඇන්ටිට නම් කොලයක් හම්බ උනා.. පොඩ්ඩක් ඇහැ දාල බලනකොට මෙන්න බොලේ
අර කලින් දීපු කොලේමයි.. ඇස් හොර කරනවද මන්ද හිතලා ආයේ හොදට බලනකොට එක අකුරක
වෙනසක් නෑ ඒ කොලේම තමයි..
කොහොමද මෙහෙම උනේ?? එවෙලෙම ටක් ගාල කොලේ ෆොටෝ එකක් ගත්තා.. ඒ විතරක් මදැයි කොලේ ආපහු
එකතු කර ගන්න ඒ කොල්ල ලගට ආවම එයාගේ ෆොටෝ එකකුත් ගන්න දඩබ්බරි අමතක කලේ නෑ ඕං...
හිකිස්..
(මොනවා උනත් ඉතින් අනන්‍යතාවය එලි දක්වන එක හොද නෑනේ)
දන්නවද ඒ 3G Card වල තිබුනේ “මේ නිවසට බුදු සරණයි” ,“මේ වාහනයට
බුදු සරණයි” කියල ලියපු දෙවිවරු පිරි වරාගෙන ඉන්න
බුදු හාමුදුරුවන්ගේ පින්තුරයක්.
බුදු හාමුදුරුවන්ගේ
පින්තුර විකුණ විකුණ මෙහෙමත් බොරු කරනවනේ මේ මිනිස්සු....
මෙහෙම දේවල් වෙනකොට
ඇත්තටම කල කිරෙනවා..
nikanma higakanne ennethuwa monawa hari wikunana ekama lokudeyak....
ReplyDeletebalannako meyalaa karana loku boruwa... meka group pitin horA kame yaamak :)
ReplyDeletewenna puluwan nowennath puluwan....
Deleteෆොටෝ එක ගන්න ගිහින් දඩබ්බරී කුණු බැණුම් අහගෙන නැත්තේ පෙර කරපු පිනක් නිසා වෙන්න ඇති.. ඔයාගේ වෙලාව හොඳයි.. හික්ස්ස්
ReplyDeleteඕක මටත් පස්සේ හිතුනනේ.... හිකිස්...
Deleteබස් වලට සල්ලි එකතුකරන්න නගින බහුතරය හොරු ,උන් නිසා ඇත්තට අසරණ වෙච්ච මනුස්සයෙක්ට මිනිස්සු උදවු කරන්නෙත් නැහැ ...
ReplyDeleteදඩබ්බර අක්කලාට හොර කරන්න බැහැ කියන්නේ නිකන් නෙමේ :)
ReplyDeletenangitath wena weda....
ReplyDelete:P
ReplyDeleteකාලෙකට කලින් 2008 දී වගේ බොරැල්ලෙන් වගේම සුගතදාස ස්ටේඩියම් එක හරියෙන් නගින කොල්ලෝ සෙට් එකක් ක්‍රීඩා සමාජෙකට කියලා සිංහ කොඩි වගයක් එහෙමත් වික්කා. ඊටත් පස්සේ තව සෙට් එකක් පිට්ටනියකට කියලත් සිංහ කොඩි වගයක් වික්කා. උන්ගේ හැටි දැක්කාම නම් කිසිම ප්‍රියමනාප පෙනුමක් තිබුණේ නැහැ කුඩු ලුක් එකක් තිබුණේ
ReplyDelete