මේ සිතත් මගේ
සැඩ සුළඟ වගේ
තැනෙක නොරැඳී
අවිචාර ගමන් යයි..
මා හැර ගොස් යළි
මා වෙතටම එන
පෙර වාගෙම මේ
දැනුත් සිනාසෙන..
පාට පාටින්
ලොවක් පෙන්වන
හඩන්නට ඉඩ
කිසිත් නොතබන
අකීකරු සිතක් ඇත්නම්
ඒ මගේ සිතයි..
සයිබරයේ දඩබ්බරීගේ බ්ලොග් අවකාශය.. I Belive I Can Fly... I Belive I Can Touch The Sky...